Header Ads

රියානා එල්ලා මැරීමට සියල්ල සූදානම්

තමා දූෂණය කිරීමට තැත්කළ පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීම හේතුවෙන් ඉරාන කාන්තාවක් එල්ලා මැරීමට එරට
රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රියානා ජබ්බාරි නමැති 26 හැවිරිදි මෙම කාන්තාව අදාළ සිද්ධියට මුහුණ දී ඇත්තේ 19 වැනි වියේ පසුවන විටය.
2007 වර්ෂයේ දී ඇය වෘත්තියෙන් ගෘහ අලංකරණ ශිල්පිනියක් වශයෙන් කටයුතු කර ඇති අතර ඇයගෙන් සේවය ලබාගැනීමට පැමිණි ඉරාන බුද්ධි ඒකකයේ කටයුතු කරන පුද්ගලයෙකු මෙලෙස අය දූෂණය කිරීමට තැත්කර තිබේ.
එම අවස්ථාවේ දී ඇය සමීපයේ තිබූ පිහියකින් ඇන අදාළ පුද්ගලයා ඝාතනය කර ඇත.
ලෝකය පුරා මානව හිමිකම් සංවිධාන මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය ද එළඹෙන අඟහරුවාදා (07) ඇය එල්ලා මරා දැමීමට නියමිත බව ඉරාන වාර්තා සඳහන් කරයි.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.