Header Ads

ලෝක ළමා හා වැඩිහිටි දිනය අද

ජාත්‍යන්තර ළමා දිනය හා වැඩිහිටි දිනය අදට (1 වැනිදා) යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් රාජ්‍ය ආයතන හා ස්‌වෙච්ඡා සංවිධානවල මෙහෙයවීමෙන් රට පුරා
විවිධ වැඩසටහන් රැසක්‌ පැවැත්වෙයි.
ජාත්‍යන්තර ළමා දින ජාතික උත්සවය අද පෙවරු 9.00 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.
“සෙනෙහස දී අප රකින්න” යන තේමාව යටතේ දිස්‌ත්‍රික්‌ හා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස මට්‌ටමින් මෙවර ළමා දිනය සැමරීමට පියවර ගෙන ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පැවැසීය.
“කිසිවෙකු අත නොහරින එකම එක සමාජයක්‌” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරනු ලබයි.
මේ අතර අන්තර් වාර්ගික හා අන්තර් ආගමික ළමා සංස්‌කෘතික උළෙල අද පස්‌වරු 6.00 ට කොළඹ 3 ගාලු මුවදොර ක්‍රිස්‌තු දේවස්‌ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. තවත් උත්සවයක්‌ දෙහිවල ජාතික සත්ව උද්‍යානයේදී පෙරවරු 8.30 ට ඇමැති ජයරත්න හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් ජාතික උත්සවය අද පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම සැමරුම් උත්සවයේදී හොඳම ග්‍රාමීය වැඩිහිටි කමිටුව තේරීමත් වයස්‌ගතම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනකුට සහ වැඩිම දරුවන් පිරිසක්‌ සිටින මවට ත්‍යාග ප්‍රදානය කිරීමත් සිදුකෙරේ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.