Header Ads

මැණික් වෙරළක ඇවිදිමුද?

මගේ සුදු මැණික.., මගේ රන් මැණික.., ආදරයේ තොදොල් බස් වහරේ මේවා සාමානයයි.. මැණිකක තියෙන වටිනාකම නිසා ආදරයටත්
ඒ වටිනාකම් ලැබෙනවා. 

ඒත් ඉතින් මැණික ඔරිජිනල් වෙන්න ඕනේ. අපි දන්නව කොච්චර මැණික මැණික කිව්වත් සමහර ඒවා ඔරිජිනල් නැති බව. පාට පාට වීදුරු කැලී වගේ..අන්න ඒ නිසා ඔරිජිනල් එක හරියටම අඳුන ගන්න එක ලේසිත් නෑ..

ඉතින් ස්වභාව ධර්මයාත් මේ වගේ පැටලිලි කරනවා..දැක්ක ගමන් හිතෙන්නේ මැණික් කියල තමයි.. බලන්න මේ පින්තූර දිහා... මැණික් වෙරළක්... මැණික් සාගරයක්..ඔබ සිතයි සමහරවිට මේ කවුරුන් විසින් හරි නිර්මාණය කරපු එකක් කියල. මේකට මනුෂ්‍ය මැදිහත් වීමකුත් තියනවා තමයි. නමුත් මේ ආකාරයට මෙම වෙරළ තීරය හැඩගැන්වීමේ කටයුත්තේ ස්තුතිය හිමි වෙන්න ඕන ස්වභාවධර්මයටයි. 

මේ මනස්කාන්ත දර්ශනය දකින්න ලැබෙන්නේ landfill නම් වෙරළ තීරයේ. 60දශකයේදී මෙම වෙරළ තිරය වසා දමනු ලැබුවා. කැලි කසල නිසා. නමුත් ප්ලාස්ටික්, වීදුරු හා විවිධ කලි කසල එසේම පැවතුනා. 

අවසානයේදී මෙහි තිබුණු වීදුරු හිරු එලියට හා මුහුදු රැල්ලේ බලපෑමෙන් මෙවැනි ආකාරයේ වර්ණවත් ගල් සමුහයක් බවට පත් වෙලා. ඊට පසු මේ ප්‍රදේශය විශාල සංචාරක ආකර්ෂණයක් ලබාගෙන තිබෙනවා.

සමහර සංචාරකයන් මේ අලංකාර ගල් සිහිවටන ලෙස ගෙනයන්නත් පුරුදු වෙලා සිටිනවා. මේ කාරණය නම් තහනම් වැඩක් උනත් බොහෝ සංචාරකයන් ඊට සහාය පළකරන්නේ නැති බවයි වාර්තා වෙන්නේ.



මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.