Header Ads

අධිවේගයෙන් හොඳට හම්බකරලා...


දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන රථවාහන වලින් අයකරන මුදල් අන්තර් හුවමාරු මධ්‍යස්‌ථානවල සිටින ඇතැම් දූෂිත
නිලධාරීන් ඉතා සූක්‍ෂම ලෙස හොරාකන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ. 


මහාමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක්‌ පවසා සිටියේ මේ සම්බන්යෙන් මාධ්‍යයට තොරතුරු ලබාදිය නොහැකි බවයි. 

මේ සඳහා දිය හැකි හොඳම නිදසුන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අන්තර් හුවමාරු මධ්‍යස්‌ථානයේ සේවය කරන නිලධාරියකු පැය දෙකක්‌ තුළදී රුපියල් 12,000 කට අධික මුදලක්‌ සොරකම් කිරීම බව ඔහු සඳහන් කළේය.

මෙම දූෂිත නිලධාරියා දින දහයක්‌ තුළදී රුපියල් ලක්‍ෂයකට අධික මුදලක්‌ ගොඩගම අන්තර් හුවමාරු මධ්‍යස්‌ථානයේදී සොරකම් කර තිබෙන බවද මේ වන විට අනාවරණය වී ඇතැයි අමාත්‍යාංශ නිලධාරියා සදහන් කරයි.

මීට පෙරද කොට්‌ටාව අන්තර් හුවමාරු මධ්‍යස්‌ථානයේ සේවකයකු මේ ආකාරයටම ලක්‍ෂ ගණනක මුදලක්‌ සොරකම් කර තිබුණු බව ද එම ප්‍රකාශකයා සදහන් කළේය.

මේ පිළිබඳව දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අධ්‍යක්‍ෂවරයා පවසා සිටියේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වෙන බැවින් ඒ පිළිබඳවද තොරතුරු මාධ්‍යයට අනාවරණය කළ නොහැකි බවයි.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.