Header Ads

ජයලලිතා අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම්

දූෂණ චෝදනා හේතුවෙන් සිව් වසරක සිරදඬුවම් නියම වූ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජෙයරාම් අද අධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට සුදානම් වේ.
ඇය ඇප මත මුදාහරින
ලෙස වන ඉල්ලීමක් ද එම අභියාච‍නයට ඇතුළත්ව ඇත.
විදෙස් වාර්තා සඳහන් කළේ, ඇයගේ නීතිඥවරුන් පිරිස ඇප ඉල්ලීමේ අයදුම්පත අද කර්ණාටක මහාධිකරණය වෙත යොමු කිරීමට  නියමිත බව ය.
එය හෙට දිනයේ සලකා බැලෙනු ඇතැයි ද ඉන්දීය වාර්තා සඳහන් කළේ ය.
මේ අතර ජයලලතා ජයරාම් ට එරෙහිව ලබා දුන් අධිකරණ තීන්දුව ‍හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ තව ම ත් පවතින්නේ, නොසන්සුන් තත්ත්වයකි.
ජයලලිතා ජෙයරාම්ගෙන් පසුව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධූරයට ඕ. පන්නීර් සෙල්වම් පත්කර තිබේ.
ඕ. පන්නීර් සෙල්වම් ප්‍රමුඛ ඔහුගේ නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.