Header Ads

කෙට්‍ටුවෙන්න ඕන නම් මෙව්ව කරන්න

අද කාලේ පිරිමි කාන්තා බේදයකින් තොරව බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි තරබාරු බව කියන්නෙ.
සිහින් හඩෑති සිරුරක් පවත්වාගෙන යන්න අපි හැමෝම කැමතියි. මහත අඩු කරගන්න කියල විවිද විදියේ ක්‍රම අත්හද බලන්න බොහෝදෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. කොහොම උනත් තරබාරු බව අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බොහෝ රෝග රැසකට හේතුවක්. මේ නිසා අද අපි සිහින් නිරෝගී සිරුරක් පවත්වාගෙන යාම සඳහා උපදෙස් ටිකක් ඉදිරිපත් කරන්න හිතුව.

සැහැල්ලු අහාර ගන්න
හැකි පමණ දිරවීමට පහසු ආහාර ගැනීමට පුරුදු වීම වඩාත් හොදයි. බිත්තර සුදුමදය, සලාද වර්ග, ඇපල්, ආමන්ඩ් වැනි ආහාර වඩාත් සුදුසුයි.

පෝෂ්‍යදායී ආහාර වලට පුරුදු වන්න
විශේෂයෙන්ම අධික තෙල් සහිත සහ ක්ෂණික අහර ගැනීමෙන් හැමවිටම ඈත්වීමට උත්සහ ගත යුතුයි.

ව්‍යායාම වල යෙදෙන්න.
බොහෝවිට තරබාරු බවට බලපාන්නේ ශරීරයට අවශ්‍ය ව්‍යායාම නිසිපරිදි නොලැබීමයි. සතියකට දවස් 5 හෝ 6 වත් මෙලෙස ව්‍යායාම වල නිරත විය යුතුයි.

ක්‍රියාශිලීවන්න
හැකි විටම ක්‍රියාශීලිව ඇගපත වෙහෙසා කරන යම් වැඩක නිරත වීම හොද දෙයක්. මෙමගින් ඔබගේ හදවතට හොද රුධිර සැපයුමක් ලැබිල හදවත නිරෝගී වීම සිදු වෙනවා වගේම මේද දහනයත් සිදු වෙනවා.

සුප් වර්ග පානය කරන්න
විවිධ අධ්‍යනයන්ට අනුව ආහාර ගැනීමට පෙර සුප් පානය කිරීමෙන් ප්‍රධාන වේල් වලට අමතරව සිදුවන අහර ගැනීම අඩු වෙනවලු. ඒ වගේම මෙහිදී අධික තෙල් හෝ අධික ලුණු සහිත සුප් වර්ග ගැනීම සුදුසු නෑ.

කොළපැහැති ආහාර වර්ග කන්න
කොළපැහැති එළවලු වලින් පිළියෙළ කරන ලද සලාද ආහාරයට ගැනීමත් මේද දහනය සදහා ඉතා හොද දෙයක්.

රාත්‍රී කාලයේ අමතර ආහාර ගන්න එපා.
රාත්‍රී කාලයේ ප්‍රධාන ආහාර වේලට අමතරව අමතර ආහාර ගැනීමෙන් වැලකි සිටීමත් හොද දෙයක්. පොප්කොන් , බිස්කට් වර්ග, සිසිල් බීම වැනි දේවල් රාත්‍රී කාලයේදී ගැනීම සුදුසු නෑ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.