Header Ads

මෝදිගේ උපන්දිනේට මවගෙන් ලැබුණු අපූරු තෑග්ග

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (17) සිය 64 වැනි උපන්දිනය සැමරුවා.
එහිදී ඔහුට තම මව වන හීරාබාගෙන් උපන්දින තෑග්ග ලෙස
ඉන්දීය රු.5,001/- ක් හිමිව ඇති බව වාර්තා වෙයි.
95 වැනි වියෙහි පසුවන හීරාබා කලක් තිස්සේ එකතු කළ මුදලක් මෙසේ තම පුතු වෙත පිරිනමා ඇති අතර, එම මුදල් ජම්මු හා කාෂ්මීරයේ ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීඹට යොදා ගන්නා ලෙසත් ඇය මෝදිට පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
උපන්දිනයදා අහමෙදාබාද් හි තම මෑණියන් බැහැ දැකීමට ගිය මෝදි ඇගේ දෙපා නමැද ආශිර්වාද ලබාගත් පසු ඇය මෙසේ සිය පුතු වෙත උපන්දින ත්‍යාගය ලබාදී තිබේ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.