Header Ads

දනිඳුගේ මව සහ පියා පොලිසීය අල්ලගෙන ගිහින්


ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේ නිවසේ දී පැහැරගැනීමට ලක්ව රහස් පොලීසිය විසින් බේරා ගත් දනිදු යෂේන් දරුවාගේ මව සහ පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව
අප වෙත වාර්තා වෙනවා.



සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔවුන් දෙදෙනා ඇතුළු තවත් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ දිනයේ දී දනිදු යෂේන් පැහැරගැනීමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත‍්‍රාත් හමුවේ විභාග කිරීමෙන් පසු නඩුවේ 5 වැනි පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් 10 දෙනාෙගේ වාහන වලට පහර දීමේ චෝදනා මත මොවුන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.



සැකකරු වෙනුවෙන් පෙනී නොසිටින්නැයි ප‍්‍රදේශවාසීහු පිරිසක් ඊයේ අධිකරණය අසල නිහඩ විරෝධතාවක් දියත් කලා. පසුව නීතිඥවරුන් ආපසු යන අවස්ථාවේ දී මෙම පහර දීම සිදුවුණා.


5 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටීම සදහා දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් නීතිඥවරුන් 10 දෙනකු අධිකරණයට ඊයේ පැමිණ සිටියා. 


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.