Header Ads

අරලියගහ මැඳුරට ශ්‍රී ලනිපය රැස්වෙයි.


ළඟ එන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සවිබල ගැන්වීම සඳහා පක්ෂයේ ජාතික සංවිධායක ඇමැති බැසිල් රාජපක්ෂ මහතා
ශ්‍රී ලනිප ආසන සංවිධායකවරුන් අරලියගහ මන්දිරයට කැඳවා ඊයේ රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර ලබන 29 වැනිදා පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවකින් පසු මධ්‍යම කාරක සභාව රැස්කිරීමට පක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට තිබේ.



එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමැතීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා ලබන 28 වැනිදා මවුබිමට ආපසු පැමිණීමෙන් පසු සහභාගි වන මුල්ම පක්ෂ දේශපාලන කටයුත්ත මෙය වෙයි.


උෟව පළාත් සභා ඡන්ද ප්‍රතිඵලයෙන් දී තිබෙන දේශපාලන පණිවුඩය 29 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලනිප ආසන සංවිධායකයන් රැස්වීමෙන් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.