Header Ads

පාකිස්ථානු ජාතික සරණාගතයින් පිටුවහල් කිරීමට අවසර

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින පාකිස්ථානු ජාතික සරණාගතයින් පිටුවහල් කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් ඉවතලීමට අභියාචනාධිකරණය තීරණය කරයි.
සිය රටට පිටුවහල් කරනු ලැබුවොත්
තම ජීවිතයට අනතුරු සිදු විය හැකි බව පවසමින් පාකිස්ථානු ජාතිකයන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
අදාළ තහනම් නියෝගය ඉවත් කරන මෙන් දන්වමින් රජයේ නීතිවේදියා මූලික විරෝධතාව මතු කළ අතර එමගින් ඔහු සඳහන් කර සිටියේ මෙම පුද්ගලයන් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින පාකිස්ථානු ජාතිකයන්ගෙන් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වී ඇති බවත් රජයේ නීතිවේදියා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
රජයේ නීතිඥවරයා මතු කළ තර්කය සැලකිල්ලට ගත් අධිකරණය, පෙත්සම ප්‍රතික්ෂේප කරන බව තීන්දු කළේය.
නමුත් අධිකරණ තීරණය කුමක් වූවත් අදාළ සරණාගතයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියකු වන නාමල් රාජපක්ෂ පවසන්නේය.
පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥයන් පවසන්නේ පෙත්සම ප්‍රතික්ෂේප වූ නමුත් පාකිස්ථාන සරණාගතයන් සම්බන්ධයෙන් අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.
දේශපාලන රැකවරණය පතන පාකිස්ථානු ජාතිකයින් දෙදහසකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව නඩු විභාගයේදී අනාවරණය විය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.