Header Ads

‘ඉන්දීය සිනමාවේ ලිංගිකත්වය වැඩි යි’

ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.
කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන
UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු මෙම වාර්තාව මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.
එම වාර්තාවෙහි සඳහන් වන්නේ, ආකර්ෂණය උදෙසා කාන්තාවන් යොදා ගැනීම සිනමා ක්ෂේත්‍රයේ බෙහෙවින් ඉහළ ගොස් ඇති බව ය.
විශේෂයෙන් ම නිළියන්ගේ නිරුවත හෝ අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීම හරහා ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට සිනමා නිර්මාණකරුවන් උත්සහ දරන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
මෙම තත්ත්වය ඉන්දීය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වී ඇතැයි එහි සඳහන් වේ.
එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල 35%ක ප්‍රතිශතයකි.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.