Header Ads

ක‍්‍රිස්තියානි භක්තිකයන්ගේ හිස් ගසා දමන, බි‍්‍රතාන්‍ය රොක් ගායිකාවක්

හිටපු රොක් ගායිකාවක් සිය ජිහාඞ්වාදී සැමියා සමග සිරියාවේ රක්කා නගරයට ගොස් ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් හා එක්ව ඇතැයි වාර්තා වේ.
උම් හුසේන් අල් බි‍්‍රටානි ලෙස
තමන් හඳුන්වා ගන්නා මෙම කාන්තාව සිය ට්විටර් අඩවියේ පවසා ඇත්තේ තමන් මොට පිහියකින් ක‍්‍රිස්තියානි භක්තිකයන්ගේ හිස් ගසා දමා ඒවා රක්කාහි එල්ලා දමන බවයි. එම පණිවුඩය ඉන්පසු ඉවත් කර ඇතැයි සැලකේ. මෙම කාන්තාව කෙන්ට්හි චැතම් ප‍්‍රදේශයේ ජීවත්වූ සැලී ජෝන්ස් බව පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ.
45 හැවිරිදි ජෝන්ස් දෙරු මවක් වන අතර අන්තර්ජාල පෙමකින් වෙළුනු ඇයට වඩා වසර 25ක් වයසින් අඩු පුද්ගලයෙකු විවාහ කරගෙන ඉස්ලාමික රාජ්‍ය හා එක්වීමට විදෙස්ගත වී ඇතැයි පැවසේ.
ලී ජෝන්ස් හිටපු රොක් ගායිකාවක් වන අතර 1990 දශකයේදී ක‍්‍රන්ච් නම් කාන්තා සංගීත කණ්ඩායමක ලීඞ් ගිටාර් වාදනය කර ඇතැයිද හෙළිවී තිබේ.
ඇගේ සැමියා වන 20 හැවිරිදි ජුනයිඞ් හුසේන් බර්මින්හැම්හි පදිංචිකරුවකු වන අතර පරිඝනක හැකරෙකු වශයෙන් කටයුතු කර ඉස්ලාමික ජිහාඩය හා එක්වී ඇත.
2012දී ටෝනි බ්ලෙයාර්ගේ උපදේශකයකු සතු රහසිගත තොරතුරු සොරකම් කිරීමේ වරදට සිරගත කරන ලද මොහු විදෙස්ගත වන විටද පොලිස් ඇප පිට සිට ඇතැයි පැවසේ.
සැලී ජෝන්ස්ගේ අවුරුදු 10ක් සහ 14ක් වියැති පුතුන් දෙදෙනාට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් හෙළිවී නොමැත.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.