Header Ads

ෆේස්බුක් හරහා රූමත් තරුණියකට පෙම් කළ භික්ෂුව රිමාන්ඩ්..

ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දැන හැඳිනගත් දහ අට  (18) හැවරදි රූමත් තරුණියකට පෙම් කළ බව කියන විසි හතර හැවිරිදි හිමි නමක්
පොලිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇත. 
මෙම සැකකරු ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ගිහි වෙස් ගෙන ඇති ඡායාරූපයකින් පෙනී සිටිමින් ෆේස්බුක් තරුණියක සමග මිතුරු වී ඇත, පසුව පෙම් සම්බන්ධතාවයක් දක්වා මේ මිතුරුකම දුර දිග ගොස් තිබේ, මේ සැකකාර හිමි නම සිය සහෝදර හිමිනමකගේ පංසලකට ගොස් සාමාන්‍ය ඇඳුමින් සැරසී තරුණිය බලන්නට කිහිප වරක් ගොස් ඇතැයි ද පොලීසිය සදහන් කරයි, 
මේ ආදර සම්බන්ධ තාවය පිළිබදව මව්පියන් දැනගෙන සොයා බැලීමේදී දියණියගේ පෙම්වතා භීක්ෂුවක් බව දැන ගෙන ඇත,
සිද්ධිය දැනගත් තරුණියගේ මව්පියන් කලබල වී ඇති අතර ඉන්පසුව පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ සැකකාර හිමිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ, 
අත්අඩංගුවට ගත් සැකකාර හිමි නම අධිකරණයට ඉදිරිපත් කර ඇත, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. හිමි නමක වූ ඔහු ගිහියකු ලෙස තරුණිය හමුවී ඇති බවත්, අන් අයකු ලෙස පෙනී සිටීමේ චෝදනාව යටතේ එම පුද්ගලයා  අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ අනුව මාතලේ විල්ගමුවේ නවගත්තේගෙදර සමන් පුෂ්පකුමාර (24)  රිමාන්ඩ් බාරයට පත් විය. මෙම සිද්ධිය හෙළිවීමෙන් පසුව එම හිමි නම සිවුරු හැර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.