Header Ads

වීරතු හිමි වැඩිය බොදු බල සේනා සමුළුව සුගතදාස ක්‍රීඩා පිටියේදී

බොදු බල සේනා සංවිධානයේ ‘‘දැය නඟන මඟ” මහ සඟ සමුළුව අද සවස සුගතදාස(වීරතු) ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.



සමුළුව ආරම්භයේදී
දුටුගැමුණු රජුගේ සිට ඉංග්‍රීසි ආක්‍රමණ දක්වා රට බේරාගත් විරුවන් සහ වර්තමානයේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් රැකීම සිදුවිය.


මියන්මාරයේ සිට පැමිණි අශින් විරතු හිමිගේ ප්‍රධාන ආරාධිතයා ලෙස උත්සවය ඇමතු අතර එහිදී උන්වහන්සේ පවසා සිටියේ අන්තවාදීන්ගේ තර්ජන මැද තමන්ට ශ්‍රී ලංකාවට වැඩම කිරීමට අවස්ථාව සලසා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිවන්ත වන බවත් බොදු බල සේනා සංවිධානයේ සමුළුවට තමන්වහන්සේට සහභාගීවීමට ලැබීම ගෞරවයක් බවත් යනුවෙනි.



විරතු හිමියන් ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසක් මීට එක්ව සිටියහ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.