Header Ads

සුදු තිරිවානා නිධිය විකිණීමට සූදානම්

මෙරට ඇති සුදු තිරුවානා නිධි අතර ප‍්‍රමුඛම නිධිය ලෙස සැලකෙන සෙවණගල මහරගම සුදුකන්දේ පිහිටි සුදු තිරුවානා නිධිය ජපන් සමාගමකට විකුණා
දැමීමට සැලසුම් කර තිබෙන බවත්, සුදු තිරුවානා නිධිය එම ප‍්‍රදේශයෙන් ඉවත් කළහොත් ප‍්‍රදේශයේ පරිසරයට හානි සිදුවී ගම්මාන 10ක ජනතාවට උග‍්‍ර පානීය ජල හිගයකට මුහුණ දීමට සිදුවන බව තෙත් බිම් උරුමය සංවිධානය සදහන් කරයි.
අක්කර 75ක් පුරා පැතිර පවතින සුදු තිරුවානා නිධිය ආශ‍්‍රිතව හදුන් දිවියා,කැබැල්ලෑවා වැනි සතුන් සහ කුරුලූ විශේෂ 52කට අධික ප‍්‍රමාණයක් ජීවත්වන බවත්,සෙවණගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 10කට අධික ප‍්‍රමාණයකට ජලය සපයන ජල මූලාශ‍්‍රවල ජල පෝෂක පිහිටා තිබෙන්නේද මෙම ප‍්‍රදේශයේ බවද එම සංගමයේ ලේකම් කැලූම් තුෂාර මහතා සදහන් කළේය.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.