Header Ads

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඌවේ සන්ධාන මන්ත්‍රී පිරිස දිවුරුම් දෙති

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

2009 වසරේ සිට
2014 දක්වා ඌව පළාත් සභාවේ ප්‍රධාන ඇමතිවරයා වශයෙන් කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග කරමින් වැඩි ම මනාප සංඛ්‍යාවක් හිමිකර ගත්තේ ය.
ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ලබා ගත් මනාප සංඛ්‍යාව 96,619කි.
මේ අතර, ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඌව පළාත් සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 19 දෙනා ද දිවුරුම් දුන් බව ය.
ඌව පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දිවුරුම් දීම පසුව සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේ ය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.