Header Ads

පිටසක්වලින් පැමිණ දිවි ගෙවන්නවුන්

චීනයේ ජීවත් වන කුඩා දරුවෙක්‌ පසුගියදා එරට වෛද්‍යවරුන් විසඳිය නොහැකි ප්‍රහේළිකාවකට මැදි කළ හැටි www.thethruthbehindthescence.org නමැති වෙබ් අඩවිය මගින් හෙළි කළේය. (විද්‍යාඥයන්ට හෙළිදරව්කර ගැනීමට නොහැකි පාරභෞතික තත්ත්වයන්ට ප්‍රසිද්ධිය ලබා දී ඒවා විසඳීම සඳහා ලොව පුරා වෙසෙන පර්යේෂකයන්ට අවස්‌ථාව සැලසීම මේ වෙබ් අඩවියේ අරමුණ ය.) මේ දරුවාගේ නම නොංග් යවුෂි (Nong Youhui) ය. ඔහුට පුදුමාකාර ඇස්‌ දෙකක්‌ තිබේ. ඒවා නිල් පැහැයෙන් බබලන අතර

ඕනෑම ඝනාන්ධකාරයක්‌ තුළ පැහැදිලි ලෙස දැකීමේ හැකියාව ඔහුට තිබේ. මේ ගැන බියපත් වූ පියා කුඩා වියේදීම තම පුතා රෝහලකට ගෙන ගිය අතර දොස්‌තරවරුන් කියා සිටියේ දරුවා ක්‍රමයෙන් වැඩෙන විට ඔහුගේ දැසේ දීප්තිමත් නිල නැතිවී වෙනත් චීන ජාතිකයන්ගේ මෙන් කලු පැහැති ඇස්‌ ඇතිවන බව ය. එහෙත් එය කවදාවත් සිදු නොවීය. දරුවා ක්‍රමයෙන් නව යෞවනයකු වන අතර ඔහුගේ දෑස්‌ රාත්‍රි අඳුර තුළ දීප්තිමත් නිල් පැහැති රැස්‌ දහරා විහිඳුවන්නට පටන් ගෙන තිබේ. මේ වනවිට කොතරම් අඳුරු තත්ත්වයක්‌ යටතේ වුව ඉතා සුපැහැදිලි අකුරු කියෑවීමට නොංග් ට හැකිය. ඔහුගේ ඇස්‌වලින් නිකුත් වන දීප්තිමත් ආලෝකධාරා විසින් පොත කියෑවීමට හෝ තමන් අවට ඇති දේ බලා ගැනීමට අවශ්‍ය ප්‍රභාව ඔහුට සපයනු ලැබේ.

නොංග් යවුෂි නමැති මේ දරුවා කවුද? ඔහු පිටසක්‌වල ජීවීන් සහ පෘථිවි වාසීන් සංකලනය කෙරුණු හයිබ්‍රිඩ් (Hybrid) අවස්‌ථාවක්‌ද? එසේ නැතහොත් නොංග් යවුෂිගේ මව දරු ප්‍රසූතියට සූදානම් වන මොහොත්දී පිටසක්‌වලින් පැමිණ ඇගේ දරු ගැබට ආදේශ වූ කෙනෙක්‌ද? මෙබඳු දරුවන් හඳුන්වන්නේ Star child ලෙසය. හිතන්නටවත් බැරි තරම් අද්භූත ශක්‌ති ප්‍රභවයන්ගෙන් සමන්විත සහ අපූර්ව හැකියාවලින් යුතු දරුවෝ විශාල වශයෙන් පහළ වීමේ ප්‍රවණතාවක්‌ හෙවත් රැල්ලක්‌ මේ දිනවල ලොව පුරා රටවලින් වාර්තා වෙමින් පවතී.

නොංග් යවුෂි දරුවාගේ බිහිවීම සම්බන්ධයෙන් පහත සඳහන් ස්‌ථාපිතයන් දැනට ගොඩනැඟී ඇත.
එනම්,
  • ෆනොංග් යවුෂිගේ මව දරුවා පිළිසිඳගත් අවස්‌ථාවේදී පිටසක්‌වල ජීවීන් විසින් එම කළලයට තම DNA එකතු කිරීම.
  • ෆනොංග් යවුෂිගේ මව පැහැරගෙන ගොස්‌ පිටසක්‌වල ජීවීන්ගේ පුරුෂ බීජ ඇගේ ගැබ තුළ තැන්පත් කිරීම.
  • ෆදරුවා බිහි කළ සැණින් ඔහු රැගෙන කල්තියා බිහි කරන ලද මනුෂ්‍ය + පිටසක්‌වල ජීවී දරුවකු එම හිස්‌ තැනට තැබීම.
පිටසක්‌වලට අයත් යෑයි සැලකෙන දරුවකු හමු වූ තවත් අවස්‌ථාවක්‌ ලතින් ඇමරිකාවට අයත් පුවර්ටෝරිකෝ රාජ්‍යයෙන් පසුගියදා වාර්තා විය. එරට වෙසෙන Delia (ඩේලියා) නමැති කාන්තාවක්‌ පිටසක්‌වල ජීවීන් විසින් පැහැර ගන්නා ලද්දේ යෑයි සාක්‍ෂි තිබේ. ඇය දරුවන් දෙදෙනකු සිටින විවාහක කාන්තාවකි. එක්‌ දරුවකුගේ වයස අවුරුදු 16 ක්‌ වන අතර අනෙක්‌ දරුවාගේ වයස අවුරුදු 05 කි. පිටසක්‌වල ජීවීන් විසින් තමා පැහැරගනු ලැබ ගැබ් ගැන්වූ හැටිත් අවසානයේදී ඇය අර්ධ මනුෂ්‍ය - අර්ධ පිටසක්‌වල දරුවකු ප්‍රසූත කිරීමක්‌ පිළිබඳ ඇගේ සාක්‍ෂිය මෙසේය. "ඔක්‌තෝබර් මාසයේ දවසක මම මිතුරියක සමග යෝග අභ්‍යාස කරන මධ්‍යස්‌ථානයකට ගියෙමි. මෙහි කෙරෙන යෝග අභ්‍යාසවලට විශාල ප්‍රසිද්ධියක්‌ ලැබී තිබිණ. අභ්‍යාස කිරීමට මෙන්ම භාවනාවටද විවිධ අය එහි යති. රාත්‍රි 7.30 ට අභ්‍යාස නැවැත්වූ අපි නිදා ගැනීමට සැරසුණෙමු. කාමරයේ ලයිට්‌ නිවන ලද සැණින් කිසියම් කෙනෙක්‌ මගේ මුහුණු වැසීය. අඳුර නිසා මට කිසිත් පෙනුනේ නැත. ඊළඟට කිසිවකු මා රැගෙන අහසින් යනවා මට දැනිණ. පහළින් ඇති තුරු මුදුන්, නිවාසවල දැල්වෙන විදුලි පහන් මට පෙනිණ. මට කතා කිරීමට හෝ කෑගැසීමට බැරි විය. මේ ආකාරයෙන් පැය 10 ක කාලයක්‌ ගතවන්නට ඇත. අවසන අලුයම 5.30 ට මම අවදි වීමි. මගේ සිරුර අධික වේදනාවකින් යුක්‌ත වූ අතර බලවත් ලෙස වමනය පිට විය. මම යෝගාශ්‍රමයේ ස්‌වාමිවරයාට මේ බව පැමිණිලි කළෙමි. ආපසු කාමරයට ගොස්‌ නිදා ගන්නා ලෙසත් මධ්‍යහ්න 12 ට අවදි වන ලෙසත් එවිට සියලු වේදනා අතුරුදන් වනු ඇති බවත් ඔහු කීය.

"මේ සිද්ධියෙන් පසු මට අමුතු හැඟීමක්‌ ඇති විය. මගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ගැන මට අමුත්තක්‌ දැනුණ අතර මානසික වශයෙන්ද විස්‌තර කළ නොහැකි අපහසුතාවක මම සිටියෙමි. අහසේ නිල් පැහැය ඉතා සුන්දර බව මට හැඟින. මම හිටි හැටියේම අන් අය ගැන මහා කරුණාවකින් කටයුතු කරන්නට පටන් ගතිමි. මගේ ජීවිතය වෙනස්‌ වී තිබිණ.

"මේ සිද්ධියෙන් මාස තුනකට පසු මගේ ඔසප් චක්‍රය දින 27 කට වරක්‌ නොව දින 50 කට වරක්‌ දක්‌වා ප්‍රතිසංවිධානය වී ඇති බව මම දැන ගතිමි. මගේ ගැබ ක්‍රමයෙන් විශාල වන්නට විය. ඒ අතර නාඳුනන අවකාශ වස්‌තුවක්‌ මට හමු විය.

"මා හදිසියේම ලෝහයෙන් කළ කාමරයක්‌ තුළ සිටින බව මම දැනගතිමි. අලුපාට ඇඳුමින් සැරසුණු ජීවී මිනිසුන් 11 දෙනෙක්‌ එහි සිටියහ. කාමරය තුළ මා වැතිර සිටියේ ඇඳකය. මා දරු ප්‍රසූතියට සූදානම් වන බව මට මතකය. මගේ ඇනෙක්‌ දරුවන් සිසේරියන් සැත්කම් මගින් පිටතට ගත්තද මෙය ස්‌වාභාවික ප්‍රසූතියක්‌ විය. අනතුරුව මට නින්ද ගියේය. මා අවදිවන විට දුටුවේ පිටසක්‌වල ජීවියකු බිලිsඳු දරුවකු අත තබාගෙන සිටින හැටිය. මේ දරුවා මගේ දරුවා බව මගේ හිත කීවේය. දරුවා මහත් ආදරයෙන් මා දෙස බැලූ බව මට වැටහින. මේ දරුවා පෘථිවි වාසීන් ගන්නා ආහාරවලට හුරුනැති නිසා ඔහු මට භාරදිය නොහැකි බවද ඔවුහු මට කීහ. මම දරුවා වඩා ගතිමි. ඔහු තද කරගෙන අල්ලා ගතිමි. පසුව පිටසක්‌වල මිනිස්‌සු මා කිසියම් දොරටුවක්‌ වෙත ගෙන ගියහ. ඉන් පිටතට බැස්‌සවිට මට තේරුම් ගියේ මා මෙතෙක්‌ වේලා සිටියේ විශාල පියාඹන පීරිසියක්‌ තුළ බවය. "අවස්‌ථා කිහිපයකදීම මේ පිටසක්‌වල පිරිස මගේ දරුවා රැගෙන මා වෙත පැමිණ ඔහු මා අතටදී මා අහසින් ගෙන ගියහ. ඔවුන් මා ගෙන ගියේ අන් තැනක නවතා ඇති පිටසක්‌වල යානය වෙතය. ඔවුන් මා එහි ගෙන ගියේ යානයකින් නොවේ. අප සියලුදෙනාම නිකම්ම අහසේ පාවී ගියෙමු. මම දරුවා තරයේ තුරුළු කරගෙන සිටියෙමි. ඒ අතර ඔවුන් මගේ සිරුරේ විවිධ තැන් ගැන පරීක්‍ෂණ කරන්නට වූහ. එය පීඩාවක්‌ වුවද දරුවා බිම වැටෙතැයි සිතා මම තරයේ ඔහු අල්ලාගෙන සිටියෙමි. ඔවුන් මේ පරීක්‍ෂණය කරන්නට ඇත්තේ පෘථිවියේ මවුවරුන් දරුවන් වෙත දක්‌වන සෙනෙහස තක්‌සේරු කිරීමට විය යුතුය. පීඩාවකදී මව දරුවා අත් නොහරින බව ඔවුන් වටහා ගන්නට ඇත. (Willie Durand Urbina, Puer to Rican Reserch Group වාර්තාවක්‌ ඇසුරිනි).

මීළඟට අප ඔබට කියන්නේ මිලාගොස්‌ ග්‍රාසියා (Milagros Garcia) ගැනය. ඇයද ලතින් ඇමරිකාවේම පුවර්ටෝරිකෝ ජාතික කාන්තාවකි. ඇය මනුෂ්‍ය සහ පිටසක්‌වල ජීවී ලක්‍ෂණ ඇතුළත් හයිබ්‍රිඩ් කාන්තාවකි. ඇගේ සිරුරේ ඇති DNA යම් තරමකට මනුෂ්‍ය ස්‌වභාවයක්‌ ගත්තද වැඩි වශයෙන් ආගන්තුකය. තමන් පිටසක්‌වල ජීවියකුගේ දරුවකු බව ඇය කියයි. එහෙත් වෛද්‍යවරුන්ට ඇගේ පිටසක්‌වල කතාව "ප්‍රලාපයකි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මිලාගොස්‌ ග්‍රාසියාගේ සිරුරේ DNA වල ආගන්තුක ස්‌වරූපයට හේතු සෙවීම ය.

අපගේ ඊළඟ කතාව ඇමරිකාව් ඔහායෝ ප්‍රාන්තයේ New Paris නගරයේ ඕමෙනස්‌ ඔනස්‌ (Omnec Onec) ගැනය. තමා වසර 264 කට පෙර පිටසක්‌වලදී උපත ලබා 1955 දී පෘථිවියට පැමිණි බව ඇය කියයි. Venus හෙවත් සිකුරු ග්‍රහයා මත පිහිටි ටියුටෝනියා නගරයේ හැදී වැඩුණු බවත් ඇය කියයි. (මේ නම ඇති නගරයකට හිට්‌ලර්ගේ ජර්මානු විද්‍යාඥයන් පිරිසක්‌ ගිය බවට කතාවක්‌ පිටසක්‌වල ජීවය පිළිබඳ පුරාවෘත්ත ක්‍ෂේත්‍රයේ තිබේ.) වීනස්‌ ග්‍රහලෝකයේ ජීවත් වූ කාලයේදී තමන් සතුව බාහිර ස්‌වරූපයක්‌ හෝ ශරීරයක්‌ නොතිබුණු බවත් මනෝකායයක්‌ පමණක්‌ තිබූ බවත් ඇය කියයි. සිය නායකයාගේ අණ පරිදි පසු කාලයේදී පෘථිවියට පැමිණි තමා ඊට ස්‌වල්ප වේලාවකට පෙර බස්‌ අනතුරකින් මියගිය හත් හැවිරිදි දැරියකගේ සිරුරට ඇතුළු වූ බවද කියයි. ඊළඟට පණ ලබා නැවත නැඟිටින දැරිය ඇගේ මිත්තණිය විසින් ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ චත්තානුගා ප්‍රදේශයේදී හදා වඩා ගනු ලැබේ. එහිදී ඇය කිසි දිනෙක වීනස්‌ ග්‍රහයා ගැන කතා කරන්නේ නැත. පෘථිවියට ආදේශ වීමත් සමගම බලපවත්වන්නට පටන් ගන්නා ස්‌වකීය කර්මානුරූප අතීතය (වෙබ් අඩවියේ මෙය සඳහන් වන්නේ Karmic Past ලෙසය.) සමඟ සටන් කරමින් ඇය ඉදිරියට යයි. ඔමෙන්ස්‌ කියන පරිදි වීනස්‌ ග්‍රහයාගේ සිට පැමිණි ඇගේ මනෝ කායට මනුෂ්‍ය පැවැත්ම පුරුදු කරන ලද්දේ තිබ්බතයේ ඉපැරැණි ආශ්‍රමයක්‌ තුළය. 1990 දී ඇය ස්‌වකීය බහුවිධ ග්‍රහලෝක අත්දැකීම් ඇසුරින් agoracosmopolitant නමැති කෘතිය පළ කළාය.

පිටසක්‌වල ජීවීන් ලෙස පෙනී සිටින පෘථිවි වාසීන් අතුරින් වඩාත්ම තර්කානුකූල සහ වඩාත්ම විඥනවාදී තොරතුරු සමූහය ඇත්තේ ඔමෙන්ස්‌ සතුවය. අහසේ සෞරග්‍රහ මණ්‌ඩලයේ වයසින් බාලම ග්‍රහ වස්‌තුව පෘථිsවිය බවත් එය වටා භ්‍රමනය වන එකම එක චන්ද්‍රයා නිසා පෘථිවිය මත විවිධ අසමතුලිතතා හට ගන්නා බවත් ඇය තම ග්‍රන්ථය මගින් කියයි. අහසේ ග්‍රහ මණ්‌ඩලයේ ඇති සෙසු ග්‍රහලෝක සහෝදර සමූහයක්‌ ලෙස ක්‍රියා කරන බවත් මෙයට වසර දස දහස්‌ ගණනකට පෙර විනාශ වූ අත්ලන්තිස්‌ (Atlantis) සහ ලෙමුරියා (Lemuria) ශිෂ්ටාචාර පැවැති යුගවලදී පවා පෘථිවිය කෙරෙහි පිටසක්‌වල වාසීන්ගේ අවධානය යොමු වී තිබූ බවත් එම ග්‍රන්ථයේ සඳහන් ය. ඇයට අනුව වීනස්‌ ග්‍රහලෝකයේ ඇත්තේ ඕම් නෝෂියා සේඩියා (Om Natia Zedia) නමැති උත්තරීතර දෙවියන්ගේ නීතිය ය. මේ ග්‍රහලෝක මත ඇත්තේ හඬ පමණක්‌ ඇති භෞතික දේහයක්‌ නැති මනෝකායයන්ය. මේ මනෝකායයන් විවිධ ග්‍රහලෝකවල පහළවෙමින් පුනරුත්පත්තිය ලබන බව ඇය පෙන්වා දෙයි. පෘථිවි වාසීන්ගේ සිරුරු තුළ ද එම මනෝකායයන් පුනර්භය ලබන අවස්‌ථා ඇති බව අය කියයි.


කෙසේ වුවද වීනස්‌ ග්‍රහයාගේ දෙවියන්ගේ නමෙහි මුලට එන "ඕම්" යන්න විශ්වය බිහිවීමේදී උපන් පළමුවන ශබ්දය බවට හින්දු විශ්වාසයක් ඇත.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.