Header Ads

පාලිත රංගේ බණ්ඩාරට ඇප

අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මංත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ඇපමත මුදාහැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ
, සැකකරුවන් අද පස්වරුවේ, පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරි බව ය.
ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරුවන් මුදාහැර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගැණුනේ, කරුවලගස්වැව ප්‍රාදේශීය සභා සභාපතිවරයාට පහරදීම හා තර්ජනය කිරීම යන චෝදනා මතයි.


අද අලුයම එම දැන්වීම් පුවරු විනාශ කර ඇති බවත්, ඒ පිළිබඳව විමසීමේදී ප්‍රාදේශීය සභා සභාපතිවරයා වරද පිළිගත් බව ත්, මන්ත්‍රීවරයා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා
මම නීල් වීරසිංහට කතා කරපුවහම නීල් වීරසිංහ කිව්වා පිළිගත්තා රාත්‍රියේ බීමත්ව එක කැපුවා කියන එක.  මම ඔහුට දැනුම් දිලා ඔහුගේ නිවසට ගිහිල්ලා කටඅවුට් ටික අපහසු ලබා දෙන ලෙස ඉල්ලීමක් කලහම, අපිත් එක්කලා, රණ්ඩුවකට ආවා.  පහරදීමක් සිදුවුණේ නැහැ කියන එක බොහෝම පැහැදිලිව මම කියනවා, හැබැයි, දැනට එයා ගුටි කෑමට නියමිතයි
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා
තමුසේ මගේ කටඅවුට් දෙකක් කැඩුවා නේද කියලා ඇහුවා. මම කිව්ව මම දන්නේ නැහැ සර් කියලා. ඇත්තටම දන්නේ නැහැ. කැබ් එකෙන් බැහැලා මගේ බෙල්ලෙන් අල්ලගෙන. මිරිකලා පිස්තෝලේ පපුවට තියලා, ගහගෙන ගහගෙන ගියා. ගහලා මාව කැබ් එකේ දාගෙන අරන් යන්න ගියේ.
මේ සිද්ධිය සම්න්ධයෙන් නඩු විභාගය ඔක්තෝම්බර් 07 වනදා ට විභාගයට ගැනීමට නියමිත ය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.