Header Ads

‘පොලිස් මුරපොළ ළඟදි හරීන්ට ප්‍රහාරයක්‘

හාලිඇළ පොලිස් මුරපොල අසල දී අද (22) සන්ධ්‍යාවේ කඩු පොලු රැගත් පිරිසක් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා
සමඟ ගමන් කළ වාහන කිහිපයකට පහර දී අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.
එම පහර දීමෙන් හරීන් ප්‍රනාන්දු මහතා ගමන් කළ වාහනය ඇතුළු වාහන තුනකට අලාභා හානි සිදුවී ඇත. එම අවස්ථාවේ එතැනින් ගමන් කරමින් සිටි මාධ්‍යවේදියකුගේ වෑන් රියකට ද ගල් පහරක් වැදී විදුරු  කැඩුණු බවට ඔහු බදුල්ල පොලිසියට පැමිණිලි කළේය.
හරීන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයකු පැවසුවේ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට හරීන් ප්‍රනාන්දු මහතා හාලි ඇල පොලිසියට ගිය බවයි.
ඔහු මෙසේද කීවේය.
‘එක්සත් ජාතික පක්ෂයේ කටවුට් හා කාර්යාල කඩා පිළිස්සූ සිද්ධියක් ගැන වාර්තාවීමෙන් පසුවයි අපි හාලිඇලට ගියේ. අපේ කටවුඩ් කඩා ගිනි තබනු දුටුවා. තුන් හාරසියයක පමණ පිරිසක් එහි සිටියා. හාලිඇල පොලිස් මුරපොල ඉදිරිපිට සිටි ඔවුන්ගෙන් සමහරකු අත කඩු, පොලු තිබුණා.
අපි යද්දි අපේ වාහනවලට කඩු පොලුවලින් ගැහුවා. අපේ වාහනවලට හානි වුණා. හරීන් මහත්තයා ගිය වාහනයේ පිටුපස කුඩු වුණා. මේක සැලසුම් කරලා කරපු දෙයක්.‘සිද්ධියෙක් කිසිවකුට තුවාල නොවූ බව ද ඔහු කීවේය.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.


මෙම පහරදීම පිලිබද ඔබේ අදහස කුමක්ද ?

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.