Header Ads

මුහුදු වතුරෙන් වාහන දුවයි?

මුහුදු ජලය ඉන්ධනයක් ලෙස යොදාගනිමින් ධාවනය කරවිය හැකි මෝටර් රථයක් නිපදවීමට ජර්මනියේ නැනෝෆ්ලොව්සෙල් නම් සමාගමක් සමත්ව තිබේ.
‘‘කුවාන්ට් - ඊ - ස්පෝර්ට්ස් ලිමොසින්‘‘
නම් වන මෙම මෝටර් රථයට අශ්ව බල 920 ක ජවයක් ඇතැයිද තත්ත්පර 3 කදී පැයකට කිලෝමීටර 100 ක වේගයක් අත් කර ගැනීමට හැකියාව ඇතැයිද සදහන්ය.
මෝටර් රථය ජව ගැන්වෙන්නේ එහි රෝද 4 කට සවිකර ඇති ප්‍රබල මෝටර 4 කිනි.
මෙම මෝටර ක්‍රියාත්මක වීමට අවැසි විදුලි බලය ලබාගන්නේ මුහුදු ජලය යොදාගෙනය.මුහුදු ජලය විශේෂ පටලයක් හරහා ගමන් කරවීමට සළස්වා එය ආධාරයෙන් විදුලිය නිපදවා ගැනෙන බව නිර්මාපකයෝ කියති.
මුහුදු ජලය ගබඩා කර තබා ගැනීම සදහා ලීටර 200 ටැංකි 2 ක් මෝටර් රථයේ තිබෙන අතර ටැංකි සම්පූර්ණයෙන් පිරවූ පසු රථය කිලෝමීටර 600 ක දුරක් නොනවත්වා ධාවනය කළ හැකියැයි පැවසේ.
නුදුරේදීම මෙම මෝටර් රථය පරීක්ෂණ සැසි සදහා යුරෝපයේ මාර්ග වල ධාවනයේ යෙදවීමට නියමිතය.
තාක්ෂණය සුපිරි නිසාම මිලද සුපිරි තලයේ වනු ඇතැයි සැළැකෙන අතර දැනට මෙවන් මෝටර් රථයක මිල පවුම් ලක්ෂ 10 ක් පමණ වනු ඇතැයි මත පළවී තිබේ.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.