Header Ads

මේ අම්මා නොමි‍ලේ ඡායාරූප ලබා දෙන්නේ ඇයි?

උපත් බර රාත්තලකුත්, අවුන්ස තුනකුත් සහිතව උපන් වෝකර් ප්‍රවට් ඩෙනීන් විසින් ඡායාරූපගත කළ
එබඳු එක් බිලිඳෙකි.  

‘දින සියයයේ ව්‍යාපෘතිය’ ලෙස නම් කෙරූ බිලිඳු වෝකර් මෙලොවට බිහි වී ගෙවුණු මුල් දින සියයක කාලයේදී ඔහු ක්‍රමයෙන් වර්ධනය වූ අයුරු අපූරුවට නිරූපණය කෙරුනු මෙම ඡායාරූප ඔහුගේ දෙමාපියන් වන එරිකා හා ජැරඩ්ගේ සිහිනය සැබැ වීමක් විය. 

බිලිඳු වෝකර් රෝහ‍ලේ ගත කළ හැම දිනකදීම ඔහු වෙනුවෙන්ම රෝහලට පැමිණ ඡායාරූප ගැනීමට තරම් ඩෙනින් පරිත්‍යාගශීලී වී තිබුණා පමණක් නොව ඡායාරූපවල සම්පූර්ණ අයිතිය එරිකා හා ජැරඩ්ට ලබා දීමටද ඇය කාරුණික වී තිබිණි.

ඩෙනින් මේ කටයුත්තට පෙළඹීමට මූලික හේතුව ඇගේ අඩු  වයසින් උපන් බිලිඳු දියණියගේ ඡායාරූප ගැනීමට ඡායාරූප ශිල්පියෙකු එලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමේ සිද්ධියයි. දියණිය මිය යාමෙන් කෙටි කලකට පසුව ඡායාරූප තැපෑලෙන් ලැබිමත් සමග ඇයට ඒවායේ ඇති වටිනාකම අවබෝධ වූයේ සිය දියණිය සිහිපත් වීම සඳහා ඇගේ පවුල සතු වූ එකම සිහිවටනය එය වූ නිසාය.

අද වන විට වෘත්තීය  ඡායාරූප ශිල්පිනියක වන ඩෙනින්ගේ සේවය ලබා ගැනීම සඳහා සේවා දායකයන් වර්තමානයේ පෙළ ගැසී සිටියි.

ඩෙනීන් පවසන ආකාරයට මෙබඳු බිලිඳුන් ඡායාරූපගත කිරීම අතිශය සංවේදි හැඟීම් දනවන කටයුත්තකි. වෘත්තීය හැකියාවකින් මෙන්ම සානුකම්පිත හදවතකින් යුතු වීමද මෙබඳු ඡායාරූප ශිල්පියෙකු සතු විය යුතු අනිවාර්ය ගුණාංගය. තමන් සමග ස්වේච්ඡා සේවයේ නිරත වන ඡායාරූප ශිල්පීන් සියලු දෙනාම පාහේ එබඳු සංවේදී පුද්ගලයන් බවත් බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ  දෙනෙත් තෙත් වනු තමන් දැක ඇති බවත් ඩෙනීන් පවසන්නීය.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.