Header Ads

මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි

බදුල්ල 

ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධනයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ඡන්ද ලබා ගෙන ඇත්තේ, 

අනුර විදානගමගේ ය. ඔහු ලැබූ මනාප ඡන්ද සංඛ්‍යාව 59316කි.
චමාර සම්පත් දසනායක මනාප ඡන්ද 34937 ක් හිමි කර ගත්තේ ය.
සෙනජිල් තොන්ඩමන් මනාප ඡන්ද 31858ක් ලබා ගැනීමට සමත්ව ඇත.
වසන්ත කුමාර දෙනිපිටිය ලැබු මනාප සංඛ්‍යාව 28187කි.
එම්. බුද්ධදාස මනාප ඡන්ද  25193ක් ලබා ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ඡන්ද ලබා ගත්තේ, හරීන් ප්‍රනාන්දු මහතා ය. 
ඔහු ලැබූ මනාප ඡන්ද සංඛ්‍යාව 173,993කි.
වේලායුදන් බුද්ධ දීපන් මානාප 30457ක් ලබා ගෙන තිබේ.
සුනිල් ජයන්ත කන්නන්ගර මනාප 28290 ක් හිමි කර ගෙන තිබේ.
මොනරාගල

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට තරග කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මනාප 96,619ක් ලබා ගෙන පළමු ස්ථානය ලබා ගැනීමට සමත් විය.
දෙවන ස්ථානය ලැබූ කුමාරසිරි රත්නායක මනාප ඡන්ද 59,285ක් ලැබූ අතර උදාර සොයිසා මනාප ඡන්ද 48513 ලැබූහ.
සාලිය සුමේද ලැබූ මනාප සංඛ්‍යාව 21206කි.
එක්සත් ජාතික පක්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයට තරග කළ ආනන්ද කුමාරසිරි ලැබු මනාප සංඛ්‍යාව 24 421කි.

එම පක්ෂයේ දෙවන ස්ථානය ලැබූ ඩබ්ලිව්.එච්.එම්.ධර්මසේන මනාප 18 400 ලැබූ අතර ජානක තිස්ස කුට්ටිආරච්චි 18 265ක් හිමිකර ගත්හ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.