Header Ads

ශ්‍රී ලංකාවේ බීච් වොලිබෝල් බලාපොරොත්තුව සුන්වෙයි

ආසියානු ක්‍රීඩා ‍උළෙලේ බීච් වොලිබෝල් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අද අහිමි විය.
දකුණු කොරියාවේ පැවැත්වෙන ක්‍රීඩා ‍උළෙලේ බීච් වොලිබෝල් සුපිරි කණ්ඩායම් 16 අතර තරග අද පැවැත්විය.
එහිදී ශ්‍රී ලංකාවේ වසන්ත රත්නපාල හා ජූඩ් මහේෂ් අද තරග වැදුණේ කසක්ස්ථානයේ අලෙස්සෙන්ඩර් ඩ්යාචෙන්කෝ හා ඇලෙක්සි සිඩොරෙන්කෝට එරෙහිවයි.
තරගයේ පළමු වටයේ දී ලකුණු 21ට 12ක් ලෙස කසක්ස්ථානය ජය ගත්තේය.
දෙවැනි වටය ලකුණු 21ට 11ක් ලෙස ජයගත් ජය කසක්ස්ථානය තරගයේ ජය තහවුරු කරගත්තේ වට 2ට 0ක් ලෙස ය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම‍ට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.