Header Ads

සුනිල් ටීත් චිත‍්‍රපට අත්හරියි

නීතිඥ අශෝක සේරසිංහ මහතා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයාව සිටින තෙක් තමන් නැවත කිසිඳු
චිත‍්‍රපටයක් නිෂ්පාදන නොකරන බව සුනිල් ටී ප‍්‍රනාන්දු මහතා පවසනවා.

පිටපත් 35 නීතිය සම්බන්ධයෙන් අශෝක සේරසිංහ මහතා අනුගමනය කරන්නේ දෙබිඩි ප‍්‍රතිපත්තියක් බවයි මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ. තමන්ගේ නවතම චිත‍්‍රපටය වන අනගාරික ශ‍්‍රී මතාණෝ ද ඒ නිසා අසාධාරණයකට ලක්ව ඇතැයි සුනිල් ටී ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඔහු විසින් මේ දක්වා නිෂ්පාදනය කර ඇති මුළු චිත‍්‍රපට සංඛ්‍යාව 61ක්. සිය ජිවිත කාලය තුල චිත‍්‍රපට සියයක් නිෂ්පාදනය කිරීමේ සිහිනයක් තමන්ට පැවති බවද ඔහු කියා සිටියා.



මේ අතර පිටපත් 35 නීතිය හේතුවෙන් චිත‍්‍ර‍්‍රපට නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණයෙන් ඉවත් වන බවයි සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය යන මහත්ම මහත්මීන් ද මීට පෙර කියා සිිටියේ.

මෙම සීමාව යටතේ අධික වියදමක් දරා නිෂ්පාදනය කරන චිත‍්‍රපටවලට එම වියදම හෝ ආවරණය කර ගැනීමට නොහැකි බව බව ඔවුන්ගේ අදහස වුණා.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.