Header Ads

පන්දුව දමා ගසන බවට මුරලිට චෝදනා කළ විනිසුරු එමර්සන් ඇත්ත හෙළි කරයි.

ශ‍්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට තමන් පළමුවරට චෝදනා කළේ වෙනත් පාර්ශ්වයක බලපෑම
මත බව  ඕස්ටේ‍්‍රලියානු විනිසුරු රෝස් එමර්සන් පවසනවා. එබැවින් අදාල තීරණය සම්පූර්ණයෙන්ම තමන්ගේ මතයක් නොවන බවයි ඩේලි ටෙලිග‍්‍රාෆ්ට් පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් රෝස් එමර්සන් ප‍්‍රකාශ කර ඇත්තේ.

1996 වසරේ බි‍්‍රස්බේන් හී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති තරගයක දී මුරලි යැවු පන්දුවක් නිපන්දුවක් ලෙස සංඥා කරමින් ඔහු පන්දුව දමා ගසන බවට එමර්සන් පළමුවරට චෝදනා කළා. ඒ, ඔහු විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ පළමුවන ජාත්‍යන්තර තරගයේ දී වීම ද විශේෂත්වයක්. පසුව  ඕස්ටේ‍්‍රලියානු විනිසුරු ඩැරල් හෙයාර් ද මුරලිට මෙවැනිම චෝදනාවක් එල්ල කළා.

කෙසේවෙතත් අදාල චෝදනාවලින් මුරලි නිදහස් වු අතර මේ වන විට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරුවා වන්නේ ද මුරලි වීම විශේෂත්වයක්.   

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.