Header Ads

ලොව හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය ‘තණ්හා රති රඟා’ට

එංගලන්තයේ ලන්ඩනයේ පැවැති “I Will Tell” ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ සිනමා නිර්මාණ දහස් ගණනක් අභිබවමින් වසරේ හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනා
ගැනීමට ‘තණ්හා රති රඟා’ චිත‍්‍රපටය සමත් වී තිබේ.
නිලේන්ද්‍ර දේශප‍්‍රිය මහතා අධ්‍යක්ෂණය කළ මෙම චිත‍්‍රපටයේ තිර රචනය සරත් කොතලාවලගෙනි.
කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වන කුමාර තිරිමාදුර හා ධනුෂ්ක ගුණතිලකගේ දායකත්වයෙන් යුතු මෙම සිනමා නිර්මාණය දක්ෂ රංගන ශිල්පීන් කිහිපදෙනකු විසින් සිය රංගන හැකියා විදහා දක්වනු ලබයි.
පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලට සමගාමීව මෙහි එක් දර්ශනයක් පසුගිය දා කොළඹදී ප‍්‍රදර්ශනය කෙරිණ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.