Header Ads

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ඉල්ලා අස්වෙයි ?


අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස්ගෙන් පහර කෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී
ඇතැයි රාවයක් මේවනවිට පැතිර තිබේ.


නිව්යෝක් නුවර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක වරයා වන ඩිලාන් ආරියවංශ මහතාගේ නිවසේ ජගත් මහ සමුළුවට සහභාගී වීමට පැමිණි ජනාධිපතිවරයා ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට ඔහු විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබේ. 

මෙම භෝජන සංග්‍රහයට ක්‍රිස් නෝනිස් මහතා, විදේශ අමාත්‍යාංශ ලේකම් ක්ශේනුකා සෙනෙවිරත්න මහත්මිය හා අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ද සහභාගි වී ඇත. 




එහිදී අදාළ අධීක්ෂණ මන්ත්‍රීවරයා සමග ක්‍රිස් නෝනිස් මහතා වාදයකට පැටලී ඇති අතර එම වාදය අතරතුරේදී ඉතා පහත් අන්දමින් එම අධීක්ෂණ මන්ත්‍රීවරයා ක්‍රිස් නෝනිස් මහතා වෙත අසභ්‍යය වදනින් බැන වැදී තිබේ. 

මෙම බැන වැදීමට හේතුව ඇත්තේ ක්‍රිස් නෝනිස් මහතා විසින් මෙයට වසර කිහිපයකට ප්‍රථම ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය වෙත සිදුකරන ලද බැන වැදීමක් බව වාර්තා වේ.

බැන වැදීම ටික වෙලාවකින් පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇති අතර බීමතින් සිටි අධීක්ෂණ මන්ත්‍රීවරයා ක්‍රිස් නෝනිස් මහතා වෙත පැන පහරවල් කිහිපයක් එල්ලකොට ඇතැයි වාර්තා වේ. 

එම බැන වැදීම් හා පහරදීම් හමුවේ ක්‍රිස් නෝනිස් මහතා පවසා ඇත්තේ මෙවන් පහත් මිනිසුන් සමග සිටීමත් ලැජ්ජාවක් බවයි. ඒ අනුව සාදයෙන් පිටව ආ ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇතත් ජනාධිපතිවරයා එය බාර ගැනීමට සූදානම් නොමැති බව වාර්තා වේ. 

මේ හේතුවෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍යය  හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් මාධ්‍යයවේදීන් මේ පිළිබඳව විමසා සිටි විට මුලදී සිදුවීම පිළිගත්තත් පසුව ක්‍රිස් නෝනිස් ඉල්ලා අස් නොවූ බව කියා සිටියේය.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.