Header Ads

Gmail ගිණුම් මිලියන 5ක් සයිබර් ප්‍රහාරකයින් අතට

වහා ක්‍රියාත්මක වන පරිදි Gmail ගිණුම්වල passwords වෙනස් කරන ලෙසට Gmail ගිණුම්
හිමියන්ගෙන් Google සමාගම අනතුරු අඟවා තිබේ.
ඊට හේතුව වී ඇත්තේ, සයිබර් ප්‍රහාරකයෙකු Gmail ගිණුම් මිලියන 5ක passwords ඇතුළු දත්ත රැසක් Bitcoin Security නමැති රුසියානු වෙබ් අඩවියක පළ කර තිබීම ය.
අදාළ සයිබර් ප්‍රහාරකයා සඳහන් කර ඇත්තේ, එම Gmail ගිණුම් මිලියන 5න් 60%කට අධික ප්‍රතිශතයක් මේ වන විට ත් සක්‍රීය තත්ත්වයේ පවතින බව ය.
මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇතැයි රුසියාවේ Google නියෝජිතවරියක වන Svetlana Anurova පවසා තිබේ.
ඇය පවසන්නේ, මෙම තත්ත්වය හමුවේ Gmail ගිණුම් හිමියන්ට සිය passwords වෙනස් කරන ලෙසට උපදෙස් දෙන බව ය.
ඉදිරියේදී Gmail ගිණුම්වල ආරක්ෂිතභාවය තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බව ද ඇය සඳහන් කළා ය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.