Header Ads

iPhone 6 මිලදීගත් දහස් ගණනකගෙන් Apple සමාගමට දැඩි චෝදනා (VIDEO)

Apple සමාගම විසින් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබූ නවතම ජංගම දුරකතන වන iPhone 6 සහ 6 Plus සුළු පීඩනයකින් පවා නැවෙනසුලු
බවට එය මිලදී ගත් පිරිස් චෝදනා කරති.
මේ පිළිබඳව Twitter වෙබ් අඩවිය හරහා දහස් ගණනක් සිය චෝදනා ඉදිරිපත් කර ඇත.
එම චෝදනා #bendgate යටතේ Twitter වෙබ් අඩවියෙහි විශාල ප්‍රවණතාවක් බවට පත්ව තිබේ.
iPhone 6 සහ 6 Plus ජංගම දුරකතන සුළු පීඩනයකින් පවා නැවෙන හෙයින් එහි display හෙවත් තිරය අක්‍රමවත් වන බව එය මිලදී ගත් පිරිස් පවසති.
මේ චෝදනා හේතුවෙන් Apple සමාගම දැඩි පීඩනයකට ලක්ව සිටින අතර ඔවුන්ගේ iPhone 6 සහ 6 Plus ජංගම දුරකතන අලෙවියට එය බලපා තිබේ.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.