Header Ads

JVP, UNP ඉහලට සන්ධානය පහලට

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඌව පළාත් සභා මැතිවරණයේදී ඡන්ද 69000 කින් හා මන්ත්‍රීධූර 06කින් පසුබෑමට ලක්වී තිබේ.
පසුගිය පළාත් සභා මැතිවරණයේදී
සන්ධානය ඡන්ද 418906ක් ඌව පළාත තුළින් ලබා ගත් අතර මෙවර මැතිවරණයේදී එය ඡන්ද 349906ක් දක්වා පහත වැටී තිබේ.
එක්සත් ජාතික පක්ෂය පසුගිය ඌව පළාත් මැතිවරණයේදී ලබා ගත් 129144ක ඡන්ද සංඛ්‍යාව මෙවර මැතිවරණයේදී 274773ක් දක්වා ඡන්ද 145629කින් හා මන්ත්‍රීධූර 07කින් වර්ධනය කරගැනීමට සමත්වී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය පළාත් සභා මැතිවරණයේදී ලබාගත් 14639ක ඡන්ද ප්‍රමාණය මෙවර මැතිවරණයේදී 36580ක් දක්වා ඡන්ද 21941කින් හා එක් මන්ත්‍රී ධූරයකින් වර්ධනය කර ගැනීමට සමත්වී තිබේ.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.