Header Ads

කුරුණෑගල දැරිය පැහැර ගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාව (Video)

වැල්ලව, නිකදළුපොත තමාරා කේෂානි බණ්ඩාර දැරිය පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගැනිණ.
පොලීසිය පැවසුවේ වැල්ලව
පොලිස් වසමේ  දීගම ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව ය.
පොලිස් මෙහෙයුම් ආරම්භවීම ත් සමඟ, පමාරා දැරිය පැහැරගෙන යාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණි.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ, නෙරියාව සහ ඒ අවට ප්‍රදේශයේදී ය.
පොලිස් නිල සුනඛයින් ද එම සෝදිසි මෙහෙයුමට යොදා ගැනිණ.
අද පෙරවරුව වනවිට කුඹුක්ගැටේ, දඩපලගමුව, නෙරියාව ඇතුළු ප්‍රදේශ සෝදිසි කෙරුණ ත් සැකකරු පිළිබඳව තොරතුරක් ලැබුණේ නැහැ.
ඒ අතරතුර ප්‍රදේශවාසී තරුණ කණ්ඩායම් ස්වේච්ඡාවෙන්ම එක්වී සෝදිසි මෙහෙයුම්වලට සහය දුන්නේය.
අප වාර්තාකරු පැවසුවේ හිරිපිටිය, කළුගල්ල, දීගම ප්‍රදේශයේ දී තරුණ පිරිසකට ප්‍රධාන සැකකරු හමුවී ඇති බව ය.
පසුව වැල්ලව පොලීසියේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුට ගෙන වෑන් රථයකින් වැල්ලව පොලිස් ස්ථානයට රැගෙන ආවේය.
සිව් හැවිරිදි තමාරා කේෂනි දැරිය පසුගිය 09 වන දා අලුයම 2ට පමණ අතුරුදන් වූයේ මවුපියන් සමග සිය නිවසේ නිදා සිටියදී ය.
දැරිය‍ සොයා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ ක‍ළේය.
ඊයේ පෙරවරුවේ  ප්‍රදේශයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණේ, පොලිස් නිලධාරීන්  60 දෙනෙකුගේ සහභාගිත්වයෙනි.
ඊයේ පස්වරු 4.30ට පමණ කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන සිටියදී තමාරා කේෂනි දැරිය සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිවූහ.
දින 3ක් තිස්සේ අතුරුදන්ව සිටි ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලටයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුට අයත්ව පැවසෙන ගඩොල් පෝරණුවකට කිසියම් පිරිසක් ගිනි තබා තිබුණේ ඊයේ පස්වරුවේදී ය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.