Header Ads

14 හැවිරිදි දැරිය හමුදාවෙන් පැන්න සෙබළාට බිලි

පසුගිය ඉරිදා 14 හැවිරිදි පාසල් දැරියක යුද හමුදාවෙන් පලාගිය සෙබළකු විසින් ලිංගික අපයෝජන කරනු ලැබීමේ පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
මැදිරිගිරිය පොලිසියට වාර්තා වී ඇති අන්දමට
මෙම පාසල් දැරිය සෑම ඉරිදා දිනයකම ඇයගේ පාසල් නිල ඇඳුම් මැද සකස් කර ගැනීම සඳහා ඇය පදිංචි නිවෙසේ සිට කිලෝමීටර් එකකට ආසන්න දුරකින් පිහිටි ඇගේ අත්තම්මා කෙනකුගේ නිවෙසට යෑමට පුරුදු වී සිට ඇත.

මෙම සිදුවීම සිදුවූ දිනද ඇය සුපුරුදු පරිදි පාසල් නිල ඇඳුම සකස් කර ගැනීම සඳහා මෙම අත්තම්මාගේ නිවෙසට ගොස් ආපසු එමින් සිටියදී මෙම සැකකරු මඟ රැක සිට ඇයට කෑගැසීමට බැරි වන පරිදි මුව වසා ඒ අසල ඇති කෙසෙල් වගාවක් මැදට ඇයව ඇදගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇත.
මෙම සිදුවීම සිදුව ඇති ප්‍රදේශය තරමක් පාළු ප්‍රදේශයක් වන අතර ළඟපාතක නිවෙසක් නොතිබීම නිසා මෙම අවස්ථාවේ මෙම දැරිය කළ කෑගැසීම කිසිවකුටත් ඇසී නැතැයි පොලිසිය පවසයි.
සැකකරු විවාහකයකු වන අතර ඔහුගේ බිරිය විදේශගතව ඇති බවත් ඔහුට ළදරු පාසල් යන වයසේ දරුවකුද සිටින බවත් පැවසේ.
මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.