Header Ads

වසර 24 කට පසු යාල්දේවී යාපනයට ලඟාවෙයි

වසර 24 කට පසු අද(13) යාල් දේවි දුම්රිය යාපනය දුම්රිය ස්ථානයට පැමිණියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ප්‍රභූවරුන් පිරිසට යාපනය දුම්රිය ස්ථානයේදී
උණුසුම් පිළිගැනීමක් ද සිදුවිය. යාල්දේවි දුම්රිය පලෙයි දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය බලා අද පෙරවරුවේ ගමන් ආරම්භ කරන ලදී. පලෙයි සිට පැයකුත් මිනිත්තු හතරක ගමනකින් පසු යාල් දේවී දුම්රිය පෙරවරු 11.13 ට යාපනය දුම්රියපොළට ළඟා විය.
පලෙයි සිට යාපනය දක්වා මාර්ගයේ ඉදිකර ඇති නව දුම්රිය ස්ථාන දෙකක් වූ නාවට්කුලි හා කොඩිකාමම් දුම්රිය ස්ථානද මේ යටතේ විවෘත වූ අතර එම දුම්රිය ස්ථාන පසු කරමින් ජනපති ඇතුළු පිරිස යාපනයට පැමිණියහ. උතුරු දකුණු සහෝදරත්වය යළි ගොඩනංවමින් යාල් දේවිය අද උතුරට ගමන් ගත්තේ වසර 24කට පසු වීම විශේෂත්වයකි. හෙට සිට යාපනය හා කොටුව අතර දුම්රිය ගමන් ඇරඹීමට නියමිත අතර ජනතාවට දැන් දුම්රියෙන්ද යාපනයට යාමට අවස්ථාව උදාවේ.
දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් හෝ මහඇමැති සී වී විග්නේෂ්වරන් හෝ එහි නොවීය.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.