Header Ads

මියගිය මිත්තණියගෙන් මිනිබිරියට පරලොවින් එස් එම් එස් පණිවිඩයක්

සිය ජංගම දුරකතනය සමග භූමදානය කරන ලද තම මියගිය මිත්තනියට පුරුද්දක් වශයෙන් එස් එම් එස් කෙටි පණිවිඩ යවමින් සිටි එක්සත් රාජධානියේ වෙසෙන කාන්තාවකට පසුගියදා පුදුමාකාර අත්දැකීමකට මුහුණ දීමට සිදුවී තිබේ. ඒ හදිසියේ ම ඈ යැවූ
එස් එම් එස් පණිවිඩයකට සිය මියගිය මිත්තනියගෙන් පිළිතුරක් ලැබීම යි.

ඇගේ මිත්තණිය වූ 59 හැවිරිදි ලෙස්ලි එමර්සන් 2011 ජූනි මාසයේ බඩවැල් හි පිළිකාවක් හේතුවෙන් මියගොස් ඇති අතර ජීවත්ව සිටි කාලය තුළ ඇය විසින් ඇගේ කිට්ටුවන්තයින් හට නිතර එස් එම් එස් පණිවිඩ යැවීමට පුරුදුව සිටි නිසා ඇගේ ඥාතීන් විසින් ඇය පාවිච්චි කල ජංගම දුරකථනය ද ඇගේ මිනී පෙට්ටිය තුළට දමා තිබේ.

ඇගේ මිණිපිරිය වන ෂෙරී එමර්සන් සිය මිත්තණියගේ මරණයෙන් පසුව ද පුරුද්දක් වශයෙන් ඇගේ දුරකථන අංකයට එස් එම් එස් පණිවිඩ යවා තිබේ.  මියගිය පුද්ගලයාගෙන් ඊට පිලිතුරක් ලැබී ඇත්තේ එවිට යි.
ශෙරී පවසන ආකාරයට ඇය වෙත මිත්තණියගෙන් ලැබුනු එස් එම් එස් පණිවිඩයෙහි සඳහන් වී ඇත්තේ “මම ඔබව ආරක්ෂා කරනවා, ඔබේ කරදර සියල්ල ඉක්මනින් නැතිවී යාවි” යනුවෙනි.

මෙම පණිවිඩය ලැබීමෙන් බියට පත්වූ ශෙරී එම පණිවිඩය එවන ලද්දේ කවුරුන්ද යන්න විමසා ඇති අතර ඊට පිළිතුරු ලෙස ලැබී ඇත්තේ “කරදරකාරී ශාකහාරිකයෙක් (vegetarian) “ලෙස යි.

විසි දෙහැවිරිදි වියේ පසුවන ශෙරී එමර්සන් මෙම පණිවිඩ හේතුවෙන් දැඩි කම්පනයකට පත්වී තිබේ.
කෙසේ නමුත් ශෙරීගේ මාමා වන ගැහැම් එමර්සන් අදාල දුරකතන අංකයට ඇමතුමක් දී පරීක්ෂා කර බැලීමත් සමග මෙම  අවුල ලිහී තිබේ.

එම දුරකතන ඇමතුමට පිලිතුරු දී ඇත්තේ පිරිමියකු වන අතර ඔහු පවසා ඇත්තේ ඔහු අදාල අංකය සහිත සම්බන්ධතාව දුරකතන සමාගමෙන් සිඅ දුරකතනය වෙත ලබාගෙන සති කිහිපයක් ගත වී ඇති බවත් හදිසියේ තමන්ට ලැබුනු කෙටි පණිවිඩ හේතුවෙන් ඒවා “විහිලුවක්” සේ සලකා ඊට පිලිතුරු යැවූ බවත් ය.
කෙසේවෙතත් අදාල දුරකතන සම්බන්ධතාව දිගටම පවත්වාගෙන යාම සඳහා තමන් දුරකතන සමාගමට මුදල් ගෙවූ බව පවසන ශෙරී මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම සම්බන්ධව අදාල දුරකතන සමාගම සමග දැඩි සේ කෝපාවිශ්ඨව සිටි යි.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.