Header Ads

රිහානා ජේම්ස් බොන්ඩ් සමඟ

ජනප්‍රිය පොප් ගායිකාවක් සහ නිරූපන ශිල්පිනියක්ද වන රිහානා ඉදිරියේදී රූගත කිරීම් ඇරඹීමට නියමිත ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑමට නියමිත බවයි වාර්තා වෙන්නෙ.
මෙහි ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වීමට නියමිතව
ඇත්තේ Daniel Craig.
රිහානා පවසන ආකාරයට ඇය ජේම්ස් බොන්ඩ් රසිකාවියක් වන බැවින් මේ අවස්ථාව පිළිබඳ නොයිවසිල්ලෙන් පසුවන බවයි පැවසෙන්නේ. 
රිහානා චිත්‍රපටියක් සඳහා දායක වන දෙවන අවස්ථාව මෙයයි. මිට පෙර ඇය 2012 වර්ෂයේදී Battleship චිත්‍රපටිය සඳහා දායක උනා.
නමක් යොදා නොමැති ඊළඟ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය තවමත් හැඳින්වෙන්නේ බොන්ඩ් 24 ලෙසයි.
සෑම් මෙන්ඩස් ගේ අධ්‍යක්ෂණයෙන් මෙම වසරේදී රූගතකිරීම් ඇරඹීමට නියමිත මෙම චිත්‍රපටය, 2015 නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත බවද විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වෙනවා.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.