Header Ads

“මුස්ලිම් වරුන්ට මගේ ආයතනය තහනම්!” – ජෑන් මෝගන්

මුස්ලිම්වරුන්ට ඇමරිකානු ගිනි අවි පුහුණුවීමේ මධ්‍යස්ථානයක් භාවිතා කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.
ආර්කැන්සාස් ප‍්‍රාන්තයේ හොට් ස්පි‍්‍රන්ස්හි
ගන් කේව් ගෘහස්ථ වෙඩි පිටිය මෙලෙස මුස්ලිම් මුක්ත කලාපයක් බවට පත්කර ඇති අතර එහි හිමිකාරිනිය වන ජෑන් මෝගන් පවසා ඇත්තේ සිය පාරිභෝගිකයන්ට ආරක්‍ෂිත පරිසරයක් තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
තම ආයතනය කෝපි කඩයක් නොවන බවත් එය තුළ පුද්ගලයන් එකිනෙකාට ආසන්නයෙන් ගිනි අවි භාවිතා කරන බවත් ඇය සඳහන් කර තිබේ.
එම නිසා වෙඩි පිටිය තුළ පුද්ගලයින් ස්ථානගත කිරීමේදී තමන් විශාල වගකීමක් දැරිය යුතු බව පවසන මෝගන් අවධාරණය කර ඇත්තේ එක් වැරදීමක් නිසා ජීවිත රැසක් අහිමි විය හැකි බවයි.
ඉස්ලාමය ආගමක් නොව අන්තවාදී ඇදහිල්ලක් බව ජෑන් මෝගන්ගේ අදහසයි.
උදාහරණයක් ලෙස දිනක් අල්ලාහු අක්බර් යන වදන අඩංගු රින්ග් ටෝන් යෙදු දුරකථන භාවිතා කරන ඉංග‍්‍රිසි බස දුර්වල පුද්ගලයන් දෙදෙනෙකු තම වෙඩි පිටිය වෙත පැමිණි බවත් ඉන් එක් පුද්ගලයෙකුට ඇමරිකානු පුරවැසිභාවය තහවුරු කිරීමට නොහැකිවූ බවත් දක්වා ඇති මෝගන් ඔවුන් පිටත්ව යන තුරු අන් කිසිවෙකුත් වෙඩි පිටිය භාවිතා කිරීමට කැමති නොවූ බව පවසා ඇත.
මේ නිසා මුස්ලිම්වරුන්ට තම ආයතනය භාවිතා කිරීම තහනම් කළ බවත් ඉස්ලාම් ආගම ඇමරිකානු ව්‍යවස්ථාව මගින් ආවරණය නොකෙරෙන නිසා තම ක‍්‍රියාව ආගමකට වෙනස් ලෙස සැලකීමක් නොවන බවත් ඇයගේ අදහසයි.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.