Header Ads

අඟහරුගෙන් හමුවූ අමුතු අමුතු වස්තූන් සහිත ජායාරූප


අඟහරු ගවේෂනයේ යෙදී සිටින කියුරියෝසිටි මඟින් ලබාගන්නා ජායාරූප වල අස්වාභාවික හැඩයන් සහිත සලකුණු සටහන් වීම් කිහිපයක්ම පසුගියදා වාර්තා විය.

එක්තරා ජායාරූපයක පිළිමයක් වැනි යමක් දක්නට ලැබෙන අතර තවත් ජායාරූපයක කතිර හැඩයක් සහිත රවුමක සළකුණක් ද වේ.


ඉන්පසුව කියුරියෝසිටි එවූ ජායාරූපයක හිස් කබලකට සමාන යමක් දක්නට ලැබුණු අතර සර්ව සම්පූර්ණ ගෝලයක් මෙන්ම තවත් අස්වාභාවික හැඩතල කිහිපයක්ද ඒ අතර විය.


මේවා සියල්ලම අඟහරු මත වන පාෂාණයන් විය හැකි නමුත් ඒවායේ තිබෙන විවිධ හැඩතලයන් හට විවිධ අර්ථකථනයන් දීමට බොහෝ දෙනා උත්සාහ කරයි.



කියුරියෝසිටි මීට පෙර මුල් කාලයේ එවූ ජායාරූප වලද විවිධ සත්ත්ව හැඩතලයන්ගෙන් යුත් පාෂාණයන්ද අඟහරු මතුපිට දක්නට ලැබුණු අතර ඒවාටද බොහෝ දෙනා විවිධ අර්ථකථනයන් ලබා දෙන ලදි.


මීට අමතරව ඇපලෝ 20 මෙහෙයුමේදී 1968 වසරේ ගත් චන්ද්‍රයාගේ පිහිටි Manilius ආවාටයේ ජායාරූපයක අභ්‍යාවකාශ යානාවක් වැනි යමක් සටහන්ව තිබීමක්ද පසුගියදා වාර්තා විය.


මිනිස් මුහුණක හැඩයක් දර්ශනය වන ස්ථානය 33°10'9.97"N 12°54'29.78"W වෙතින් පහත ලෙස දැකගත හැකිය. 
34° 6'55.23"N 13°17'8.14"W හි දක්නට ලැබෙන අඟහරු මත වූ නවාතැන්පලක් ලෙස අර්ථකථනයක් දුන් තවත් ස්ථානයක් පහතින්. 
40° 0'14.37"N 8°58'3.23"W දරන ස්ථානයේ පැහැදිලිව දක්නට ලැබෙන අඟහරු මත වූ පිරමීඩයක් පහතින්. 
අඟහරු මත ගෙම්බෙකුගේ හැඩරුව සහිත පාෂාණයේ ජායාරූප පහතින්.

අඟහරු මත වූ ගෝලාකාර වස්තුවක් ද කියුරියෝසිටි කැමරාවට පසුගියදා හසුවී තිබුණි. එය සර්ව සම්පූර්ණයෙන්ම ගෝලාකාර වීම පිළිබඳවද බොහෝ දෙනාට ගැටළුවක් විය. එහි ජායාරූප පහතින්. 
අඟහරු මත පිළිමයක හැඩය ගත් පාෂාණයේ ජායාරූප පහතින්. 
අඟහරු මත මිනිස් හිස් කබලක හැඩය ගත් පාෂාණයේ ජායාරූප පහතින්. 
අඟහරු මත වූ රවුමක හා කතිර හැඩය සහිත පාෂාණයේ ජායාරූප පහතින්. 

අඟහරු මත වූ අමුතු රවුමක ජායාරූප හා වීඩියෝ පහතින්
අඟහරු මත වූ අමුතු හැඩතල වලින් යුත් ස්ථානයක් පහතින්.

චන්ද්‍රයාගේ Manilius ආවාටය මත තිබේ යැයි පැවසෙන අභ්‍යාවකාශ යානයක හැඩය සහිත ජායාරූපය පහතින්.
 
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.