Header Ads

ජංගම දුරකථනයක් නිසා සිව්දෙනෙක් මරු දකියි

මොරවක, පරදුපල්ල ප්‍රදේශයේ වතුයායක සේවය කරමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් තිබේ.
පොලීසිය පවසන්නේ , ඊයේ පස්වරුවේ ඇඳ හැළුණු වර්ෂාවත්
සමග ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බව ය.
වර්ෂාවත් සමග වතුයායක සේවය කරමින් සිටි 5 දෙනෙකුගෙන් යුත් පිරිසක් තාවකාලික මඩුවකට පැමිණ තිබේ.
එහි සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයෙන් අමතුමක් ලබා ගන්නා අවස්ථාවේදී අකුණු සැර වැදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ, කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකි.
අසාද්‍ය තත්ත්වයේ පසු වූ තව ත් කාන්තාවක මේ වන විට මොරවක රොහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.