Header Ads

යෝජනාවලිය පිළිනොගන්නේනම් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – හෙළ උරුමය

පක්ෂයේ යෝජනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිනොගන්නේනම් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ජාතික හෙළ උරුමය පවසයි.
මේ බව අවධාරණය කෙරුණේ ඊයේ පැවති
පක්ෂ මහ සමුළුවේදී ය.
පක්ෂයේ යෝජනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිනොගන්නේනම් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ජාතික හෙළ උරුමය පවසයි.
මේ බව අවධාරණය කෙරුණේ අද පැවති පක්ෂ මහ සමුළුවේදී ය.
ජාතික හෙළ උරුමයේ 11 වැනි ජාතික මහ සමුළුව අද පැවැත්වුණේ මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී ය.
පක්ෂ නායක ඕමල්පේ සෝභිත හිමි, සභාපති අතුරලියේ රතන හිමි, ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රමුඛ නව නිලධාරී මඩුල්ලට එහිදී පක්ෂ අනුමැති හිමිවිය.
‍ජාතක හෙළ උරුමය එහිදී ජනාධිපතිවරණය ඉලක්ක කරගත් දේශපාලන යෝජනාවලියක් ඉදිරිපත් කළේය.
එහි දැක්වෙන්නේ ඇමති මණ්ඩලය අවමය 20 ක් උපරිමය 25 ක් විය යුතු බව ය.
එය විද්‍යාත්මක බෙදීමක් විය යුතුයි.
නියෝජ්‍ය ඇමති මණ්ඩලය 35 ක් විය යුතුයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන අධිකරණයට යටත් ධුරයක් විය යුතුය යන්න හෙළ උරුමයේ තව ත් යෝජනාවකි.
පොලිස් ඉඩම් බලතල ඇතුළු භෞමික අඛණ්ඩතාවට හානිකර විධිවිධාන ආණුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව ද හෙළ උරුමය පවසයි.
විෂය පිළිබඳ අවබෝධය ඇති අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කළ යුතු යන යෝජනාව මෙන්ම විදේශ සේවයට රාජ්‍ය තාන්ත්‍රික නොවන පත්වීම් ලබා දීමේදී එය සියයට 35 ක සීමාව නොයික්මවිය යුතු බවද හෙළ උරුමය ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් ය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.