Header Ads

සීයා ලවා අපයෝජනය වීමට ගත් තැත වරදී

තනියම නිවසේ සිටියදී සීයා තමාට බරපතළ ලිංගික අතවරයක්‌ කළ බවට අධිකරණයට බොරු සාක්‌කි දීමක් සම්බන්ධයෙන් සාක්‌කිකාර දැරියට එරෙහිව
අධිචෝදනා ගොනු කිරීමේ පුවතක් ගාල්ලෙන් වාර්තා වී තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එම දැරියට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලෙසට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු කේ. බී. කේ. හිරිඹුරේගම මහතා රෙජිස්‌ට්‍රාර් වරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ.
එතෙක්‌ සාක්‌කිකාරිය රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපයක්‌ මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරු නිදොස්‌ කොට නිදහස්‌ කොට තිබේ.
මෙසේ අධිචෝදනා ගොනු කිරීමට නියම කෙරුණේ පහළොස්‌ හැවිරිදි දැරියකටයි.
යක්‌කලමුල්ල පොලිස්‌ වසමේදී 2009 ජනවාරි අටවැනි දින සිට පහළොස්‌ වැනි දින දක්‌වා කාලය අතර එවකට දස හැවිරිදි වියේ පසුවූ සාක්‌කිකාරියට බරපතළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඇයගේ සීයාව (මවගේ පියා) (59) එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
නඩුව විභාගයට ගත් අවස්‌ථාවේ පැමිණිල්ල මෙහෙය වූ රජයේ නීතිඥ සමදරී පියසේන මෙනෙවිය අධිකරණයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මූලික සාක්‍ෂි මෙහෙය වනු ලැබූ අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ සීයා අතින් එවැනි කිසිදු ලිංගික අතවරයක්‌ සිදු නොවූ බව හා පොලිසියටත් වෛද්‍යවරයාටත් බොරු කියූ බවයි.
ඒ අනුව පැමිණිල්ල අවසන් කරන නිසා අපරාධ නඩු විභාග සංග්‍රහයේ 194(1) ප්‍රතිපාදන යටතේ විත්තිකරු නිදහස්‌ කරන ලෙස ද රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියාය.
විත්තිකරු කියා සිටියේ තමා ඉතා ආදරයෙන් දරුවන් රැකබලා ගත් අතර කිසිම අතවරයක්‌ නො කළ බවය.
ඒ අනුව පැමිණිල්ලට ඉඩදුන් මහාධිකරණ විනිසුරුවරයා අසත්‍ය පැමිණිල්ලක්‌ කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සාක්‍ෂිකාරියට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස රෙජිස්‌ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.
(divaina)


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.