Header Ads

බෝරා ඉස්ලාම් ප්‍රජාවේ ධාර්මික නායකයා ජනපති හමුවේ

ලෝකය පුරා පැතිරී සිටින බෝරා ඉස්ලාම් ප්‍රජාවේ ධාර්මික නායකයා ශුද්ධ වු Syedna Mufaddal Saifuddin Saheb මහතා (53rd Dai Al Mutlaq) ඊයේ (01) අරලිය ගහ මන්දිරයේදී
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ශුද්ධවු Syedna Mufaddal Saifuddin Saheb මහතාගේ පියා වන හිටපු Syedna Burhanuddin Saheb මහතා ලංකා සංචාරය හා රටට ඔහුගෙන් ලද ආශිර්වාදය පිළිබඳ ජනාධිපතිතුමා විසින් මෙම හිතෛෂී හමුවේදී සඳහන් කරන ලදී.
ශ්‍රී ලංකාවට උදාර නායකත්වයක් දෙමින් රට සීග්‍ර වර්ධනයක් කරා ගෙන යාමට අති විශිෂ්ට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ජනාධිපති තුමන්ව ශුද්ධවු Syedna Mufaddal Saifuddin Saheb මැතිතුමා වර්ණනාත්මක මුඛයෙන් අගය කරන ලදී.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.