Header Ads

සචිත්‍ර සේනානායක සූදානම්: නව ඉරියව්වකින් යළි ත් එයි

මේ දිනවල ක්‍රියාත්මක වන වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ පරීක්ෂණයට නැවත මුහුණ දීමට සූදානම්
වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පවසයි.
නව පන්දු යැවීමේ ඉරියව්වක් සමග නැවත දේශීය ක්‍රිකට් පිටියට පැමිණ සිටින සචිත්‍ර මෙවර වෙළඳ සේවා තරගාවලියේ තරග 5කදී කඩුලු 9ක් බිඳ හෙළා තිබේ.
ඔහු BBC සන්දේශය සමග කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ මෙසේ ය. “අපිට මෙහෙ පහසුකම් නැහැ ඉරියව් පරීක්ෂා කරන්න. ඉතින් මේ තරගාවලිය අවසානයේ මම බලාපොරොත්තු වෙනවා පරීක්ෂණයකට ගිහින් ඉරියව්ව පරීක්ෂා කරගන්න”
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පරීක්ෂණයේදී තම නව පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව ඔහු සහතික කරවා ගත යුතු ය.
සිය නව ඉරියව්ව පන්දු යැවීමේ ඉරියව් සීමාව වන අංශක 15 ට වඩා අඩු බව සචිත්‍ර සේනානායක පැවසීය.
“පන්දු යවන්න කලින් මම විනිශ්චයකරුවන්ටත් කිව්වා ඉරියව්වේ ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න කියලා. මේ වෙනකම් නරක ප්‍රතිචාරයක් ලැබිල නැහැ.” ඔහු කියයි.
පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ ද පුහුණු සැසියකට සහභාගි වූ සචිත්‍ර පවසන්නේ, තම නව ඉරියව්ව ත් සමග ඉදිරියේදී සාර්ථකව පන්දු යැවීමට හැකියාව ලැබෙනු ඇති බව ය.
“ඒකෙන් මට ලොකු ප්‍රයෝජනයක් වුණා. දැන් පන්දුව ඉස්සරට වඩා ඉපිලෙනවා මම පන්දු යවනකොට. කොයි දේ වෙන්නෙ ත් හොඳට යි කියනවා නේ. ඒ වගේ මේකෙනුත් මොකක් හරි හොඳක් වෙයි.”
පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණය සමත් වී නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී එංගලන්ත කණ්ඩායම ත් සමග තරග වැදීම සචිත්‍ර සේනානායකගේ බලාපොරොත්තුව යි.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.