Header Ads

වාර්තාගත අලාභ ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සේවයේ 2013 වසරේ මාර්තු 31 වැනිදා සිට 2014 වසරේ සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ සමස්ත අලාභය රුපියල් මිලියන
32,000ක් ඉක්මවන බව වාර්තා වේ.

2012 වසරේ මාර්තු 31 වැනිදා සිට 2013 වසරේ මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ එම ආයතනයේ අලාභය රුපියල් මිලියන 26,088.67 ක් විය. 

2011 වසරේදී රුපියල් මිලියන 22,000 ක අලාභයක් සිදුව තිබෙන අතර, මේ අනුව ගෙවීගිය වසර තුනක කාලයේ අලාභය රුපියල් මිලියන 80,000 ක් ඉක්මවා තිබේ. 

2012 වසරේ සහ 2013 වසරේ අලාභය ගණනය කිරීමේදී මේ වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වන වසර තුළදී පසුගිය වසරට වඩා රුපියල් මිලියන 6000ක ට වැඩි අලාභයක් ලබා ඇති බවද ප්‍රකාශවේ. 

මෙසේ වාර්තාගත අලාභ ලබද්දී තවත් එවන් අලාභ ලබන බජට් ගුවන් සේවයක් වන මිහින් ලංකාද ශ්‍රීලංකන් වෙත එක්කිරීමේ වෑයමක් පවතින බව වාර්තා වේ. මෙහි පළමු පියවර ලෙස මිහින් ලංකා ගුවන් සේවයෙන් ගුවන් ගමන් වෙන්කොට ශ්‍රීලංකන් ගුවන් සේවය ඔස්සේ පියාසර කිරීමේ පහසුකම හඳුන්වා දී ඇත. එහිදී මිහින් ලංකා ගුවන් සේවයේ මිලටම ශ්‍රී ලන්කන් වරප්‍රසාද භුක්ති විඳීමට හැකියාව ලැබේ. මෙම දැවැන්ත අලාභය, අලාභයක් නොව ප්‍රාග්ධන වියදමක් පමණක් බව පවසන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ 

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.