Header Ads

දෙවියන් වෙනුවෙන් කන්‍යා භාවය පුජා කළ දැරියන්

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු දේවස්ථානයක් තුළදී දුෂණය කළ බව කියන දේවගැතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට
ගැනීමෙන් පසුව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - පම්බල ප්‍රදේශයේ දේවස්ථානයක් පවත්වා ගෙන ගිය  31 හැවිරිදි විවාහක අයෙකු වේ.

ඔහු මාදම්පේ - ඉරට්ටකුලම පදිංචිකරුවෙකි.

අතවරයට පත්ව ඇති එක් දැරිවියක් මේ වන විට 19 වැනි වියේ පසුවේ. 

නාත්තන්ඩිය - වීරහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 15 දී බව කියයි.

දෙවියන් වෙනුවෙන් කන්‍යා භාවය පුජා කළ යුතු යැයි පවසා සැකකාර දේවගැතිවරයා දේවස්ථානය තුළදී තමන්ව මුල් වරට දුෂණය කළ බවත්,ඉන් පසුව අවස්ථා කීපයදීම ඔහු තමන්ට අතවර කළ බවත් ඇය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

මහවැව ප්‍රදේශයේ පදිංචිවී සිටින තවත් දැරිවියක් සැකකරු විසින් දුෂණය කර ඇත.දැනට 15 වැනි වියේ පසුවන ඇය දුෂණයට ලක්ව ඇත්තේ මීට වසර 02 කට පෙරදීය.

අතවරයට පත්ව ඇති දැරිවියන් දෙදෙනා තමන්ට සිදුවී ඇති අපරාධයන් සම්බන්ධයෙන් හලාවත  පොලීසියට පැමිණ පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා පොලීසිය සැකකරු රැදී සිටින බව කියන දේවස්ථානයට ගොස් ඇත.

එහිදී දැක ඇත්තේ සැකකාර දේවගැතිවරයා කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බවය.ඒ අනුව වහාම ඔහුව හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.තමන් විසින් කරන ලද අපරාධ හෙලි වීමෙන් පසුව සැකකරු කිසියම් විෂ වර්ගයක් පානය කරන්නට ඇති බවට පොලිසිය විශ්වාස කර ඇත.

මෙම සැකකරු විසින් තවත් දැරිවියන් කීප දෙනෙකු හා දේවස්ථානයට පැමිනෙන කාන්තාවන් කීප දෙනෙකු දුෂණය කර ඇති බවට තොරතුරු ලැබී ඇතත් ඒ සම්බන්ධ පැමිණිලි නොමැති බව පොලීසිය කියයි.

සැකකරු හලාවත මහා රෝහලේ 04 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබ අතර අතවරයට පත්වූ බව කියන දැරිවියන් දෙදෙනා එම රෝහලේදීම 09 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

හලාවත පොලීසියේ අපරාධ විමර්ශණ අංශය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.