Header Ads

යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන ආනයනය අත්හිටුවීමට යයි

මෙරට මත්ස්‍ය නිෂ්පාදන ආනයනය අත්හිටුවන බවට යුරෝපා කොමිසම දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා කොමිසම පවසන්නේ, ශ්‍රී ලංකා බලධාරීන්
සමග වසර 4 ක් තිස්සේ අඛණ්ඩව කළ අදහස් හුවමාරුව පළ නොදැරීම මෙම තීරණයට හේතුව බව ය.
ශ්‍රී ලංකාව නීති විරෝධී මසුන් ඇල්ලීම් වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග පෙන්වා නොමැති බව යුරෝපා කොමිසමේ ස්ථාවරය වී තිබේ.
එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් දැක්වෙන්නේ මෙරට මත්ස්‍ය ආනයනය අත්හිටුවීමේ යෝජනාව සිය නිල ජර්නලයෙහි පළ කොට මාස 3 කින් අනතුරුව එය බලාත්මක වන බව ය.
ඒ අනුව ලබන වසරේ ජනවාරි මැද භාගයේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක වනු ඇති බවත් මෙය ශ්‍රී ලංකාවට සිහි කැඳවීමේ පණිවුඩයක් බව ත් යුරෝපා කොමිසම අවධාරණය කරයි.
කෙසේ වෙතත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසන්නේ, මේ සඳහා ක්‍රියා කිරීමට රජයට තව ත් කාලයක් පවතින බව ය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.