Header Ads

අඟහරු යානය සොහොනක් වෙයිද?

අඟහරු මතට මිනිසුන් යැවීම වාණිජමය පරමාර්ථයෙන් කිරීමට සැළසුම් කළ නෙදර්ලන්ත ජාතික ව්‍යවසායකයෙකු යටතේ ක්‍රියාත්මක වන ‘‘මාර්ස් වන්‘‘ වැඩසටහනෙහි
දෝෂ රාශියක් ඇතැයිද අඟහරු මත ගත කරන දින 68 ක් අවසන යැවෙන සියලූ ගඟනගාමින් හුස්ම ගැනීමට නොහැකිව මිය යනු ඇතැයිද අලූත්ම පර්යේෂණයකින් හෙළිව තිබේ.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ ඇමරිකාවේ එම්.අයි.ටී ආයතනයේ සිසුන් පිරිසකි.ඔවුන් සොයාගෙන ඇති ආකාරයට වැඩසහටන නිර්මාණය කර ඇත්තෝ සළකා බලා නොමැති කරුණු රාශියක් තිබේ.

මාර්ස් වන් වැඩසටහනෙන් අඟහරු මතට ගගනගාමීන් පිරිසක් යැවීමට අපේක්ෂා කෙරෙන අතර අගහරු මත ජනාවාස තැනීමත්, ආහාර භෝග වගාවන් ආරම්භ කිරීමත් එම ගගනගාමීන්ට පැවරී තිබෙන වගකීම් වේ.කෙසේ නමුත් ඔවුන් අඟහරු වෙත යැවෙන්නේ ‘‘වන් වේ‘‘ ගමනකට වන අතර යළි පෘථීවිය වෙත ගෙන්වා ගැනීමක් සිදු නොවේ.

ගගනගාමීන්ට පැවරී තිබෙන වගකීම් ඔවුන්ටම පාරාවළල්ලක් වන බව පර්යේෂණය සිදුකළ සිසුන් කියයි.ආහාර භෝග වගාවන් සාර්ථක වුවහොත් ඒවායින් නිකුත් වන ඔක්සිජන් අධික ලෙස අගහරු වල වායුගෝලයට එක්වීමේ ප්‍රවණතාවක් තිබෙන බවත් එය වහා ගිනිඇවිලෙන සුළු පරිසරයක් නිර්මානය කිරීමේ සමත් බවත් ඔවුන් පෙන්වා දේ.

දෙවැන්න වන්නේ මෙසේ ආහාර භෝග වගාව ආරම්භ කරන තාක් කල් ගගනගාමීන්ට ආහාර සදහා  ගෙනයන ආහාර තොග ප්‍රමාණවත් නොවීම බව හඳුනාගෙන තිබේ.ඔවුන් හාමත් වනු ඇත.

තෙවැන්න අමතර කොටස් සපයා ගැනීමයි.ප්‍රායෝගිකව සිදුවහොත් ජනාවාස ඉදිරිපත් කිරීමේදී අමතර කොටස් අත්‍යාවශ්‍යම වන බව සිසුන් පෙන්වා දේ.නමුත් අඟහරු වෙත යෑමට මාස 9 ක් පමණ ගතවන හෙයින් අමතර කොටස් ඉල්ලන පරක්කුවෙන් සපයා දිය නොහැකි වාතාවරණයක් පවතින නියා එයද ගගනගාමීන්ගේ ජීවිත වලට මාරකයක් බව ඔවුන් කියයි.

මෙම ගැටළු වලට, විශේෂයෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවීමේ ගැටළුවට විසඳුම් මේ දක්වාම සොයාගැනීමට ලෝකයටම නොහැකිවී ඇති අවස්ථාවක මෙසේ ‘‘මාර්ස් වන්‘‘වැඩසටහන ගගනගාමීන් පිරිසක් අගහරු මත තනි කිරීමට යන්නේ කුමන අරමුණ ඇතිවදැයි පර්යේෂණය සිදුකළ සිසුන් විමසයි.

‘‘මාර්ස් වන් ‘‘ නිර්මාපකයෝ සිසුන්ගේ පර්යේෂණයේ ඇතැම් කරුණු හා එකඟ නොවූවත් සැළකිල්ලට ගත යුතු දේවල් බොහෝමයක් තිබෙන බව පිළිගෙන තිබේ.

ඔවුන් පවසන්නේ තමන් අගහරු වෙත යෑමට ‘‘හොඳම‘‘ සැළැස්ම නොව ‘‘හොඳ‘‘සැළැස්මක් ඉදිරිපත් කර තිබෙන බවයි.

2018 වසරේ ආරම්භ කිරීමට නියමිත වැඩසහටනින් මුලින්ම අගහරු මත යානා ගොඩබැස්වීමේ පහසුකම් ඇති කර 2024 වන විටදී මුල්ම ගගනගාමීන් පිරිස අගහරු වෙත යැවීම ‘‘මාර්ස් වන්‘‘හි අපේක්ෂාවයි.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.