Header Ads

චීන හිඟන්නන් තිරිසන් වැඩක් කරයි

අත්පා අහිමි වීම ‘‘වෙළඳ‘‘ භාණ්ඩයක් කරගෙන සිඟමනේ යෙදීමෙන් තවදුරටත් මිනිසුන් රැවටීමට නොහැකි තැන බලෙන්ම අත්පා  කපා දැමු සතුන්, පෙන්වමින්
ඔවුන් සුවපත් කිරීමටැයි සිඟමනේ යෙදීම චීන යාචකයින්ගේ අලූත් කලාව වී තිබේ.
පසුගිය දිනෙක ෂුස්හු නගරයේ මෙවැනි සිදුවීමක් දැකගත හැකිවූ අතර පසුපස පාද වල කුර අහිමි ඔටුවෙකු ළඟ තබාගෙන සිටි යාචකයින් දෙදෙනෙක් තම සුරතලා සුවපත් කර ගැනීම සදහා මග එන යන්නවුන්ගෙන් මුදල් ඉල්ලමින් සිටියෝය.
ඔටුවාගේ කුර හදිසි අනතුරකින් අහිමිවූ බව ඔවුන් පැවසූවද ඒවා කපා දමා ඇති සෙයක් පෙනෙන්නට තිබුණි.
අසරණ සතා තමන්ගේ දුක කියාගත නොහැකිව බුද්ධියෙන් උසස් යැයි සැළකෙන සත්ත්වයා වන මිනිසාගේ බසට අවනතව ඔවුන් සේම බිම දිගාවී සිටියේය.
මග සිටියෝ ඔවුන්ට මුදල් යහමින් ලබා දුන්හ. මෙසේ විශාල වශයෙන් මුදල් උපයාගැනීමට හැකි නිසා දැන් බොහෝ චීන යාචකයින් ඔවුන් අතින්ම හිංසා කරන ලද සතුන් පෙන්වමින් සිඟමන් යදින වාතාවරණයක් ඇතිවෙමින් තිබෙන බව සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන් පවසයි.
චීන නීති පද්ධතියේ සත්ත්ව හිංසාවට එරෙහි නීතියක් නොමැති වීම ඔවුන්ගේම වාසියට හේතුවී ඇතැයිද ඔවුන් කියයි.
පොලිසියද පවසන්නේ මෙවන් පුද්ගලයින්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.සිඟමනේ යෙදුණේයැයි දඩයක් පැමිණවීම මිස ඊට වඩා වැඩි දෙයක් කිරීමට ඉඩක් නැති බව ඔවුන් කියයි.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.