Header Ads

ආබාධිත වඩුවාට අමානුෂික වද හිංසාවලට ලක් කළ පොලිසිය හිරේ

වතුර මෝටරයක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මොණරාගල මැදගම සේනාපතියේ ආබාධිත වඩු කාර්මිකයකු  අමානුෂික වද හිංසාවලට ලක් කළ
මැදගම හිටපු පොලිස් ස්ථානාධිපති නිශාන්ත රාජපක්ෂ ඇතුළු පස් දෙනකුට මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා සිරදඬුවම් සහ දඩ නියම කළේය.

රුපියල් තුන් ලක්ෂයක වන්දියක් අබාධිත වඩු කාර්මිකයාට ගෙවන ලෙස ද නියෝග කැරිණි.

හිටපු උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ, පොලිස් කොස්තාපල් ඒ එම් රත්නසිරි, පොලිස් ආරක්ෂක සහායකයන් වන ඩී එම් ගාමිණී කුමාර, ඒ එම් රුවන් කුමාර, ආර් ඩී එම් අජිත් ප්‍රේමතිලක වැරදිකරුවෝ වූහ.

සිවිල් ආරක්ෂක සහාය එච් එම් නිලංක දර්ශන නිදහස් විය.

උප පොලිස් පරීක්ෂකට වසර 15කට අත්හිටවූ දෑ අවුරුදු සිර දඩුවමක් ද, දෙවැනි විත්තිකරුට මාස හතරක අත්හිටවූ සිර දඩුවමක් ද නියම කළ අතර තුන් වැනි හා පස් වැනි විත්තිකරුවනට අවුරුදු හත බැගින් සිරදඩුවම් නියම කැරිණි.

විත්තිකරුවනට නියම කළ දඩය රුපියල් 250000කි.


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.