Header Ads

“අපි සැප විඳින්නේ ඔයාලගේ සල්ලිවලින් “

හොංකොං නායකයාගේ දියණිය සිය පියාට එරෙහිව ඇවිලෙන ගින්නකට පිදුරු දමයි.
හොංකොං ප්‍රධාන විධායකවරයා බලයෙන්
පහ කළ යුතු බවටවන විරෝධතාවක් මේ වනවිට හොංකොං හි දැඩි ව ක්‍රියාත්මක වෙමින් පවතී.විථි පුරා විරෝධතා දැක්වීමට එක් වූ දහස් ගණන් පිරිස්වලින් නගරයම වැසී ගොස් තිබේ. ඉතා ඉක්මනින් වත්මන් රජය ඉවත් විය යුතු බවට තර්ජනය කරමින් මෙම විරෝධතාව දැක්වෙයි.
මෙ අතර හොංකොං ප්‍රධාන විධායක වරයාගේ දියණියවන චායි යෙන් ලන් සිය පියා විසින් තමන්ට තෑගි කළ අධික විටනාකමකින් යුත් සපත්තු යුවළක ඡායාරූප ෆේස් බුක් වෙබ් අඩවියට එක්කර තිබේ. මීට අමතර ව මිලෙන් ඉහළ ඇදුම් පැළදුම්, ආභාරණ ආදියේ ඡායාරූප ද ඇය සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ. එම ඡායාරූප පළ කරමින් ඇය හොංකොංහි බදුගෙවන සාමාන්‍ය වැසියන්ට ද සිය ස්තූතිය පුදකර තිබේ.
තමන්ට ඇදුම්, ආභරණ, සපත්තු ආදියේ ඉහළම නිෂ්පාදන ලැබෙන්නේ එරට ජනයා නිවැරදි ආකාරයට නියම වෙලාවට බදු ගෙවන නිසා බව ද ඇය  සඳහන් කරයි.
මෙම ෆේස්බුක් පෝස්ට් එක නිසා හොංකොං ජනතා විරෝධය තවදරුටත් දරුණු වනු ඇති බව විදෙස් වාර්තා කියයි. මේ හේතුවෙන් ප්‍රධාන විධායකවරයා ධුරයෙන් ඉවත් කිරීමේ සටන තව දුරටත් ඇවිලී යාමේ ලකුණු පළ වී තිබේ.




මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.