Header Ads

මීළඟ Facebook තැන "එලෝ" ටද?

පාපැදි වෙළඳ සැළක හිමිකරුවකු වන පෝල් බඩ්නිට්ස් ඔහුගේ මිතුරන් පිරිසකට පමණක් භාවිතා කිරීමට තැනූ සමාජ ජාල වෙබ් අඩවියක් මේවනවිට
අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ. 

පසුගිය අගෝස්තු 7 වැනිදා හඳුන්වා දුන් එලෝ (Ello) නැමති නව සමාජ ජාල වෙබ් අඩවියට පැයකට ඉල්ලිම් (requests) 31,000ක් පමණ ලැබෙන බව එහි නිර්මාතෘ පෝල් බීබීසී පුවත් සේවයට පවසා තිබේ.

එලෝ සමාජ ජාල වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් අඩංගු නොකිරීමත් වෙබ් අඩවිය භාවිතා කරන්නන්ගේ දත්ත විකිණීම සිදු නොකිරීමටත් පොරොන්දු වී ඇති නිසා එය බොහෝ දෙනෙකු හඳුන්වන්නේ "ඇන්ටි ෆේස්බුක්" නොහොත් ෆේස්බුක් විරෝධී වෙබ් අඩවියක් ලෙස වේ. 

එහෙත් එම වෙඩ් අඩවිය අනාගතයේදී එහි අඩංගු වන features විකිණීමෙන් මුදල් ඉපයීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකානු ජාතික බඩ්නිට්ස් පවසා තිබේ.

අනෙකුත් ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවි හා සැසඳූ කල එලෝ වෙබ් අඩවිය බැලූබැල්මට පරිශ්‍රීලක මිත්‍ර (user-friendly) වෙබ් අඩවියක් ලෙස දිස් නොවේ. නමුත් එය සරලය, ඉක්මන්ය. 

මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.